මෙවුන් චීනයෙන් බිහිවුනු සත්ව සුරතල් සුනඛ ප්‍රභේදයක් ලෙස සැලකෙන අතර චීනයේදී ඔවුන් හඳුන්වනු ලබන්නේ “ෂොන්ග්ෂි ක්වොන්ග්” නමිනි. එහි අදහස “සිංහයෙකු මෙන් විශාල බල්ලා” යන්නය. ක්‍රි.පූ. 300 ක තරම් අතීතයේ සිට මොවුන් පැවත එන බව විශ්වාස කෙරේ. චෝ චෝ සුරතලුන් ස්වාමියාට ඉතා කීකරුය. වසන්ත කාලයේදී හා සෞතුවේදී මොවුන් ඉතා සීග්‍ර ලෙස වර්ධනය වන අතර එවැනි සමයකදී එම ලොම් පනාවකින් පීරමින් මනා ලෙස නඩත්තු කල යුතුය. ලොම් අධික බැවින් මැක්කන් බෝ වීම ඉතා පහසුවෙන් සිදුවිය හැකිය. ඒ නිසා ඊට අදාල ප්‍රථිකාර ලබා දෙමින් මොවුන් පිරිසිදු කරමින් ‍රැකබලා ගැනීම නිසි පරිදි කල යුතුය. ලොව ප්‍රකට තරු කිහිපයක්ම මේ වර්ගයේ සුරතලුන් ඇති දැඩි කිරීමට කැමතී වූ බවටයි වාර්ථා වෙන්නේ.
– පොත පත ඇසුරිනි.