ජයවීර රජුගේ දියනිය සරන කර ගැනීමට එක්වන රාජසිංහ කුමරුගේද කැමැත්තක් විය. කරලියැද්දේ මෙයට විරුද්ධ විය. අවසානයේ ඇය කෝට්ටේ ධර්මපාල රජුට විවාහ කර දෙනු ලැබුවාය. මේ සරණ බන්ධනය නිසා රාජසිංහ හා කරලියැද්දේ අතර අමනාපයක් හට ගැනුනි. පැලැඳ නුවරින් පැනගිය වීදියේ බණ්ඩාරට ආරක්ශාව සපයා ආධාර කලේද මේ නිසාය.
1573 කරලියැද්දේගේ සොහොයුරිය වූ ධර්මපාල රජුගේ බිසව මියගියාය. කරලියැද්දේගේ දියනියද නෑදෑකම් වරද්දා ධර්මපල රජුට සරණකර දෙනු ලැබුවාය. මේ වන විට කරලියැද්දේ දොන් ජෝන් නමින් බෞතීස්ම ලැබ සිටියේය. ඇගේ දියනිය දෝන මාර්ගරීධා නමින් බෞතීස්ම ලැබුවාය. කරලියැද්දේ (දොන් ජෝන්) කතෝලිකයෙකු වීම නිසා උඩරට රදලයන්ගේ අප්‍රසාධයට ලක්විය. එක්වන රාජසිංහ රජුද මේ අවස්තාවේන් ප්‍රයෝජන ගත්තේය. වීරසුන්දර බණ්ඩාරගේ සහයෝගය ඇතිව කරලියැද්දේ පලවා හැරියේය. 1582 ඒ රජුගේ (කරලියැද්දේගේ) කුමරයාත්, බෑනාත් සෝවි කුමාරිකාවත් තමාගේ බිහෝ අදහසිනුත් තමා පිරිවරත් යාපා පටුනට කිට්‍ටුව කටුපත හෙලිකර ගෙන හුන්හ යනුවෙන් ඔහු පලාගිය අයුරු රාජාවලිය විස්තර කරයි. කරලියැද්දේ සමග, බිසව, පුතුන් දෙදෙනෙක්, දියනිය හා බෑනා පලා ගිය බව රාජාවලි විස්තරයෙන් පැහැදිලිය. කුමාරයෝ දෙදෙනා කන්ද උඩරට අල්ලන්න ගොසින් වන්නි පත්තුවට ගොසින් මලාහ. යාපනේ රජුගේ තර්ජන නිසා පෘතුගීසීන්ගේ රැකවරන පැතීමට සිදුවිය. කරලියැද්දේ හා බිසව ත්‍රිකුනාමලයේදී මියගියහ. දෝන කතිරිනා නම් දියනියද බෑනා වූ යමසිංහ ද පෘතුගිසී රැකවරන යටතේ මන්නරාමේ සිටියහ. පසුකලකදී ආරක්ශාව සදහා යන සිංහ හා දෝනකතිරිනා කුමරිය පෘතුගීසීහු කොලඹට කැඳවා ගත්හ.
– පොත පත ඇසුරෙනි
