සේනා සම්මත වික්‍රමබාහුගෙන් පසු උඩරට රජ්‍යයට පත්වූ යේ ඔහු පුත් ජයවීර රජුය. මොහුගෙන් රාජ්‍යකාලය පිලිබඳව මතබද පවතී. මතබේද කොතෙක් තිබුනද මොහුගේ රජ්‍ය කාලය අවසන් වූවේ 1551 හත්වන බුවනෙකබාහු රජුගේ මරනින් පසු බව නම් ස්ථිරය. 1521 දී මායාදුන්නේ කුමරු තමාගේ අයිතිවාසිකම් ලබා ගැනීමට ජයවීර රජුගෙන් උපකාර ඉල්ලන්නට ගියේ දෙදෙනා අතර තිබූ ඥාති සම්බන්දය නිසාය. ජයවීර රජුගේ බිසව වූයේ කීරවැල්ලේ මහරාලහාමිගේ සොහොයුරියයි.                              බුවනෙකබාහු හා මායාදුන්නේ සොහොයුරන් විවාහ කරගෙන සිටියේ කීරවැල්ලේ මහරාලහාමිගේ සොහොයුරියකි. බුවනෙකබාහු , රයිගම් බණ්ඩාර සහ මායාදුන්නේ මේ සහෝදර දෙදෙනාගේ එක බිසවගෙන් උපන් දරුවෝය. එක්පසකින් සීතාවකද අනෙක් පසින් කෝට්ටේ රාජ්‍යයද පිහිටි නිසා මේ රාජ්‍ය දෙකෙන් බලයට පැමිනි කවර හෝ රජ්‍යය කින් උඩරටට තර්ජන එල්ල විය හැකි බව ජවීර රජු. තීරනය කලේය. ඒ නිසා පෘතුගීසීන් ගෙන් ආධාර ලබ ගැනීමට ඔහු උත්සාහ කලේය. පෘතුගීසී ආධාර ලැබීමට නම් උඩරට රජු ක‍තෝලික ආගම වැලඳ ගැනීම උඩරට පෘතුගීසී බඩු ගබඩාවකට ඉඩ දීම, කප්පං ගෙවීම, දියනිය පෘතුගීසීන් අනුමත කරන කුමරෙකුට විවාහ කරදීම වැනි කොන්දේසි ඉ‍ටුකල යුතුයැයි පෘතුගීසීහු කීහ. මේ කොන්දේසි සියල්ලම ඉ‍ටුවූ බවක් නොපෙනේ. එසේ උවත් 1546 දී ජයවීර රජු ක‍තෝලික ආගම වැලඳ ගත්තේය. ජයවීර රජුගේ මේ වෙනස් වීම නිසා උඩරට බෞද්ධ ප්‍රභූවරු ඔහුර විරුද්ධ වූහ. කීරවල්ලේ බිසව මියගිය පසු, ගම්පල කුමරියක් සරන කර ගත් ජයවීර රජු ඇයට උපන් කුමාරයාට රාජය පැවරීමට කටයුතු සැලැස්වීම නිසා කරලියැද්දේ කැරලි ගැසුවේය. පියා පලවා හැර උඩරට රාජ්‍යයේ පාලකයා බවට පත් විය.
ජයවීර රජු ඔ‍ටුන්න හා වෙනත් රාජ්‍ය භාන්ඩ ‍රැගෙන සීතාකට පලා ගියේය. මායාදුන්නේ රජුගේ ආරක්ෂාව පැතීය. මායාදුන්නේ රජ්ජුරුවෝ ජයවීර රජුට බොහෝ ගම්බිම් දී සි‍ටුවා ගත්හ. එහෙත් මේ ගම් බිම් හා පදිංචිවූ ස්ථාන ගැන විස්තරයක් නැත. කෙසේ වුවද, උඩරට රජ්‍ය ලබ ගැනීමට තම පුත්‍රයාට විරුද්ධව සටන් මෙහෙය වූයෙ නැත. ඔහුගේ අවසානයද සීතාවක රාජ්‍ය තුලම සිදු විය.
– පොත පත ඇසුරෙනි