විසිතුරු මසුන් ඇති කිරීමේ යෙදෙන ඔබ ආශ්‍රිතවද “ටැංකි සුද්දා” නම් මත්ස්‍ය විශේෂය ඇති දැඩි කෙරෙනවා බොහෝ විට විය හැක්කකි. එහෙත් “නාරා” ආයතනය පවසන්නේ මෙම මත්ස්‍ය විශේෂය ඇති දැඩිකිරීම මිරිදිය මත්ස්‍ය කර්මාන්තය කෙරෙහි තර්ජනාත්මක බල පෑමක් සිදුකරන බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ බොහෝ විට මත්ස්‍ය ලොලයින් මෙම මත්ස්‍යයින් ප්‍රමානයෙන් විශාල වෙත්ම තමන් ආශ්‍රිතව පවතින ඇල, දොල නැතිනම් ජලාශ වෙතට මුදා හැරීම සිදුකරන බවත් එසේ පැමිනෙන “ටැංකි සුද්දා” නම් මත්ස්‍යයන් එම ජල පරිසරයේ වෙසෙන මාලු පැටවුන් මෙන්ම බිත්තරද ආහාරයට ගැනීම තුලින් විශාල තර්ජනයක් මිරිදිය මත්ස්‍ය කර්මාන්තයට එල්ල කරමින් සිටින බවයි. ඒ අනූව මෙම මත්සයන් ඇති කිරීම තහනම් කිරිමටයි ඔවුන් කටයුතු කර ඇත්තේ.