ටිකිරි කුමරු කුඩා කල සිටම යුධ ශිල්පයෙහි දක්ශයෙක් විය. රණශූර අස්වාරෝහකයෙක් විය සියලුම යුද්ධවලින් ජයංග්‍රහනයම ලබා ගත්තේය. ඒ නිසා මායාදුන්නේ පිය රජු කුමරුම බොහෝ සෙයින් ඇළුම් කලේය. තමා ජීවත්ව සිටියදීම රාජ්‍යය විචාරීමත්, සියළුම බලතලත් යුධකටයුතු කුමරුට පවරා තිබුනි. අපක්ෂපාත ඉතිහාස පුවතක් සේ ගතගැකි එකම ග්‍රන්තය වූ රාජාවලියේ ඔය චෝදනා කිසිවක් සදහන් නොවේ. උඩරට දී කරල්ලියැද්දේ හා කල යුද්ධයෙන් ජයගෙන පැමිනි ටිකිරි කුමරු කෙරෙහි පැහැදුනු පිය රජු ටිකිරි කුමරුට බල සෙනග හා යුධ කටයුතුද පවරා දුන් අන්දම රාජවලියේ මෙසේ විස්තර කරයි.
” මායාදුන්නේ රජ්ජුරුවෝ තමාගේ ශ්‍රී රාජසිංහ කුමාරයන්ට තමාගේ ආඥාපනතට පවතින හැටියට පවතින්න මහා සේනාවටත් රට වත් අවසර දුන්නාහ. එසේ අවසර ලැබෙ ගෙන කුමාරයා පියමහ රජානන් සිත් ලෙසට විසුවාහ. ”
ටිකිරි කුමරුගේ සොහෝයුරු තිඹිරිපොල කුමරුට රජකම පැවරීමයි භික්ෂූන්වහන්සේලාගේ අපේක්ෂාව වූවේ. එහෙත් මයාදුන්නේ ගෙන් ඊට ඉඩ නොලද විට කුමන්ත්‍රන ඇති විය. තැනින් තැන පිරිත් පල වලදී භික්ෂූන් ‍රැස්ව කතිකා කරන්නට ඇත. කුමරු අල්ලා මරවන්නට පවා අවස්ථා සොයන්නට ඇත. යකුන් අල්ලා බන්දනය කරන්නට සැරසුනේත් එය රජුට සැලවී එතැනට පැමින භික්ෂූන් ඝාතනය කිරීමට යොමු වුනේත් මේ හේතුව නිසා නොවිය හැකිද? ගනේගොඩ දෙවි දු‍ටු විට භික්ෂූන් බියවී අවසිහියෙන් පැමින වලට පැන්න බවට ජනවහර එක් වී ඇත.
ගනේගොඩ යාදින්නේ එන විස්තර විමසිය යුත්තකි. රජු මරන්නට කල වැයමක් ව්‍යාර්තවීමෙන් පසු තව දුරටත් ජීවත් වන විට දේවත් වයෙන් සැලකුවා වන්නට බැරිද?
– පොත පත ඇසුරෙනි