අධිවසංගතයක් ලෙසට ඩෙංගු උවදුර අප ඉදිරියට පැමිනෙන්නේ කනගා‍ටුදායක සත්‍යයයක පණිවුඩයක්ද ලෙසටය. එනම් අප අපගේ පරිසරය සමග වන ගනුදුනුවේ අති අසාර්ථක බව කියා පාමිනි. තවත් ආකාරයකට පවසන්නේ නම් විශේෂයෙන් නාගරික පරිසරය තුලදී “මම” පමනක් පවතිමි තියරියේ අවසන් ප්‍රථිපලයක් ලෙසටය. පරිසරය මතවන සරල නීතිය එනම් ඔබ ධනවතෙකු, බලවතෙකු.උගතෙකු වූ පලියට තවමත් ඔබ ස්වභාදහමේ මූලික හා සරල නීතිවලින් පාලනය වන බව කියා දෙන සරල පාඩමක් ලෙසටය. තවත් ආකාරයකට සැලකීමේදී ක‍ටුකම්බි, නැතිනම් උස් තාප්ප වලින් වටව සිටි පලියට ඔබට තවමත් ස්වභාදහමේ සරල න්‍යාය මග හැරිය නොහැකි බව පසක් කරමිනි. නිවසින් බැහැර වන කසල මල්ල බැහැර කලයුත්තේ හුදු තම තාප්පෙන් ඔබ්බට පමනක් නොව ඒවා කලමනාකරනය කරන ක්‍රමවත් ක්‍රමවේදයකට බව අවසාන පනිවිඩය ‍රැගෙනය.

දියුනුවන රටක් හැටියට කෙසේ වෙතත් දියුනු වන්නටද ඒ තරම් අවශ්‍යතාවයක් නැති රටක් හැටියට උවත් නොමැරී සිටින්නට වත් වන අවශ්‍යතාවය තව දුරටත් වලංගුව පවත්වාගෙන යන්නට නම් සියල්ලන්ම තම ස්වාභාවික පරිසරය සමග වන ගනුදෙනුව පිලිබඳව සැලකිලිමත් වන්නට පටන් ගත යුතුය. එය ඩෙංගු උවදුර සමග පමනක් ගතයුතු පියවරක් නොවනු ඇත. අඩුතරමින් තම ස්වාභාවික පරිසරය සමග වන ගනුදුවේදී වත් දේශපාලනික හා වෙළඳ මොඩලන් සමග ඔබමොබ පාවෙන්නන් නොවන්නට තරමේ සමාජ මනසක් අත්පත් කරගන්නට අප සමත් විය යුතුය.