1816 අගෝතු සිට 1820 පෙබරවාරි දක්වා ලංකාවේ යුධ වෛද්‍ය කාර්යමංඩලයේ සේවයේ යෙදී සිටියදී රැස්කර ගත් තොරතුරු පදනම් කර ශ්‍රීලංකාවේ අභයන්තරය එහි ජනතාව හා ඒ දිවයිනේ චාරිකා නම් වූ ජෝන් ඩේව් රචිත ඉංග්‍රීසි ග්‍රන්තය ඩේව් දුටු ලංකාව නමින් ඇල්ලේපොල h.m සෝමරත්න මහතා සිංහල අනුවාදනය කර ඇති අතර, ආචාර්ය තෙන්නකෝන් විමලානන්ද මහතා සංස්කරනය කර ඇත.
1817 අගෝස්තු 6 වෙනි දින බ්‍රවුන්ඩ් රිග් ආන්ඩුකර තැන සමග පැමින ජෝන් ඩේව් සීතාවක හරහා උඩරට ගිය ගමනත්, 1819 ජූනි මාසයේදී තෙවැනි වරටත් සීතාවක හරහා ගමන් කිරීමේදී වන පෙතින් වැසී ගිය සීතාවක රාජකීය ගොඩ නැගිලි නටබුන් පරික්ෂා කල බවත් සදහන් කර ඇත.
“වඩා ගැඹුරු දිය දහරක් ගගට (සීතාවක ගඟට) එකතුවන උස්තුඩුවක පිහිටි මෙම ස්ථානයට ඔරුවෙන් ගොස් ගඟේ සිට ගලින් කැපූ කෙටි පඩි පෙලක් දිගේ නැග යාර සීයක් ගමන් කිරීමෙන් කොටුවට පැමින එහි එකක් ඇතුලේ එකක් පිහිටි පවුරු තුනකින් සමන්විත කොටුව හරි හතරැස්ය” යනු වෙන් වූ සඳහන් සමග රාජසිංහ මාලිගාව තුල පෘතුගීසීන් විසින් මෙම බල කොටුව පිහිටා ඇති බව ඩේව් කියයි. දැනට නටබුන්ව ඇති සීතාවක රජමාලිගයට පැමිනි මාර්ගය වූ ගැටහැති ඇල සීතාවක ගඟට එකතුවන ස්ථානය අද දක්වා ඇති ගල් පඩි පෙලත්, ඩෙව් විස්තර කල කොටුවත් ඒ අයුරින් අද දක්ව ඈත.
ඩේව් 1819 අගෝතු මාසයේ සිංහලේ හරහා ගිය අවසාන චාරිකාවේදී කොටුවට ප්‍රථිවිරුද්ධව යාර 150ක් ඈතින් නටබුන් නගරයක් බැලීමට ගොස් ඇත. මෙම දිස්ත්‍රික්කයේ අනදෙන නිලධාරී මේජර් බෙලි විසින් ඔහු එම ස්ථානයට කැදවා ගොස් ඇත. මෙයට යන පාර තිබුනේ අඩි දෙකක් පමන ඝන කම වුවද, විශාල පැතලි ගල්ලෑලි වලින් නිර්මිත පාලමක් මතිනි. ඉන් යාර 20ක් පමන ඈතින් හෙලක් මත කැපූ විශාල ගල් තහඩු වලින් සාදන ලද පවුරකින් වටකරන ලද කොටුවක් (දිග පලල 120-40 සමාන්තර චතුරශ්‍රයකි. ) කාලයාගේ ඈවෑමෙන් විනාශ වී නොව කඩා බිඳ දමා තිබූ බව ඩේව් කියයි. බහිරව කෝවිල ඇතුලත් වන ඉහත විස්තරය හා මාලිගව පිලිබඳ සටහන් අයිතිහාසික සටහනක් ලෙස ඩේව් දුටු ලංකාව ග්‍රන්තයේ ඇති වැදගත්කම පෙන්වයි.
– පොත පත ඇසුරෙනි
