ගෙවෙමින් පවතින්නේ ආයතනික මට්ටමේ මෙන්ම පෞද්ගලික මට්ටමේ බිහිසුනුතම මෘදු හානිකරයන් ගේ ප්‍රහරයක් විසින් ලොව වටා රටවල් 70කට වැඩි ප්‍රමානයක පරිගණක ලක්ෂ ගනනකට ආසාධිත බව ගෙනා දින කිහිපයයි. පරිගණකයේ මෘදුකාංග අවකාශය යම් ආකාරයකට සංඛේතාත්මකව වෙනස් කිරීමකට ලක් කරන අතර යලි ප්‍රකෘතිය ලබා ගන්නට නම් අදාල සංඛේතාත්මක අතර මැදිය හඳුනා ගන්නට සිදුවීමත් එහි වන සංකීර්න බව නිසාම පෙර නිගමනයකට ඉතා අපහසු එම යතුර ලබා දෙන්නට යම් මුදලක් ඉල්ලා සිටීමත් මෙහිදී සිදුවන අතර, එම මුදල හුවමාරුවන ආකාරය ඔස්සේ මෙම පහර දෙන්නන් හඳුන අගැනීම වඩාත් අපහසු වන “බිට්කොයින්” ආකාරයට නැතිනම් ඉලෙක්ට්‍රොනික මුදල් ආකාරයට එම මුදල ඉල්ලා සිටීමත් සිදුවේ. විටක මුදල් ලබා දුන්නද යලි ප්‍රකෘතිය ලබා ගැනීමේ පහසුව නොලැබීමද සිදුවන බවටද සමහර හානියට පත්වූවන්ගේ අද්දැකීම බවටද අදහස් පලවනු දැකිය හැකිය.
කෙසේ වෙතත් මෙම WannaCry සම්බන්දයෙන් අදහස් පලකරන Kaspersky Lab වෙතින් පැවසෙන්නේ මෙම සිදුවීමේදීවැඩිම හානිය windows 7 වෙතටද දෙවන මට්ටමේ හානිය xp වෙතටද සිදුව ඇති බවකි. එම හානිය 98%ක්ම windows 7 වෙතට හා Windows XP හා 2008 R2 Server වෙතට පිලිවලින් සියයට 0.1 හා1.5ක් ලෙසටයි ගනනය වෙන්නේ.
මේ අතර පලවන නවත්ම තොරතුරක් පවසන්නේ WikiLeaks හෙලි කරන ආකායට ඇමරිකානු රහස් ඔත්තු සේවයට සම්බඳ කොටස් විසින් ‘Athena’ සංඛේතනාමයෙන් වන spyware එකක් තොරතුරු හෙලිව ඇති බවකි. ඔවුන් පැහැදිලි කරන්නේ සියලුම පාහේ windows සංස්කරන වෙතට හානිකල හැකි මෙම හානිකරය ඔස්සේ පහර දෙන්නා හට පරිගණකයක සම්පූර්න පාලනය ලබා ගන්නට හැකි වන බවටත් තිබෙන දත්ත මැකීම මෙන්ම වෙනත් හානිකරයන් ස්ථාපනයට අවස්ථාව ලැබීම දක්වා නෙක හානීන් පමුනවන්නටත් හැකි වන බවටත් තොරතුරු හෙලි කරනවා. WannaCry පිලිබඳවද අදහස් දක්වන හදාරන්නන් පෙන්වා දෙන්නේ රාජ්‍ය අනුග්‍රහ මට්ටමින් දියුනු කරන ලද හානිකරයක් බාහිර පහර දෙන්නන් අතට පත්වීමක් එම සිදුවීම පසු පස ඇති බවකි.
-siriwansa