ටිබෙටියානු මිතුරා මද විරාමයක් අනතුරුව පැහැදිලි යෝජනාවක් කරන්නට උත්සාහ කලහ. “මම හිතන්නේ ඔබ යෝජනා කරන්නේ වසර සිය දහස් ගනනක් පැරනි අපේ සංස්කෘතික ආකෘතිය තවදුරටත් ප්‍රායෝගික නැති බව වෙන්නට ඔනෑ. වඩාත් පැහැදිලිව කිව්වොත් ජීවවිද්‍යාත්මක හා ප්‍රාතමික සංස්කෘතීන් මුලික ආකෘතියක සිට අපට අවශ්‍ය වෙලා තිබෙනවා වඩාත් සංකීර්න දියුනු ආකෘතියක් කරා යන්නට. කොටින්ම කිව්වොත් වඩාත් දියුනු මානසික තලයක සිට ක්‍රියාත්මක වන අවට ලෝකය මීට වඩා සාර්ථකව පාලනය කරන මිනිසෙක් නිර්මාණය කර ගන්නට.” ඔහුගේ විමසිලිමත් බැල්ම අපගේ දෙබස දිගේ වඩාත් ගැබුරට යන්නට මට ආරාධනවක් සේය. “මමත් හිතනවා., මට මතකයි වරක් අපේ හැදෑරුම් ආයතනයට පැමිනි සංචාරක දෙශකයෙකු මතුකල අපූරු අදහසක්. ඔහු කියනවා පාලනය කිරීම ඔස්සේ පරිසරයෙන් අපට එන බොහෝ ගැටලු වලට පලමු හේතුව තමයිලු ඒව හරිම ප්‍රාතමික විදිහට පාලනය කරන්නට උත්සාහ කිරීම. මම හිතනවා මේ ගැමියෝ වගේ විය යුතුයි කියලා. ඔවුන් පරිසරය සමග ගැටෙනවා වෙනුවට සහයෝගයෙන් කටයුතු කරනවා. හරියට පෘතුවි ජීවදාමයේ ඉහලින්ම සිටින ජීවියා තමා උනාට ඒ ගැන වැඩිය ආඩම්බර නොවෙනවා වගේ ස්වභාවයක් ඔවුන් තුල තිබෙනවා. ඇත්තෙන්ම ඔවුනුත් තම පරිසරය වෙනස් කරනවා තමයි. හැබැයි හරිම සංයමයකින්. එරෙහිව නොවෙයි සහයෝගයෙන්. හරියටම කිව්වොත් ගැමියා කියන වචනයට පවා නව අර්ථයක් ඔවුන් ඇසුරේදී අපට අලුතින් සොයා ගන්නට සිදුවෙනවා”. අප සටහන වඩාත් අර්ථවත් තලයකට කැඳවන්නට අවශ්‍ය ප්‍රධාන කරුනු බොහොමයක් රැස්ව ඇති බව පැහැදිලිය. ඇයගේ අපූර්ව සහයෝගය උනන්දුව සමග යලිත් උද්‍යානය, නගර කෙරවලේ වන කඳුමුදුනත, අවන්හල වැනි මිත්‍ර පරිසරයන් වඩාත් නිර්මාණශීලීව මේ සටහන් තබ අවසන් කරන්නට අපට සහය වනු ඇත. (68)
හිරු දවස ඇරබෙනවාත් සමග ආශ්‍රම ප්‍රධාන දොරටුව පසුකරලන්නට හැකි විය. ප්‍රමානවත් වේගයක් රඳවාගන්නට හැකි වුවහොත් රාත්‍රිය සමග අඩුම තරමින් අවසාන ගම්මානයේ කදුමුදුනත පසුකරන්නට හැකි වනු ඇත. ගම්මානයේ රත්‍රිය ගතකරන්නට හෝ ගැම්වැසියෙකුගේ සහය ඇතිව ආපසු ආශ්‍රම භූමියට නැවත පැමිනීම එතරම් අපහසුවක් නොවනු ඇත. ප්‍රානවත් උදෑසන ප්‍රබෝධය හාත්පස පිරී ඉතිරී ඇතුවා සේය. ක්‍රමයෙන් වැඩිවන සියත් නාදය ගමන් වෙහෙස නිවාලන්නට ඔසුවක මෙනි. තම වගා බිම් කරා එන ගැමියන් එකිනෙකා හමුවීම සිත හුදකල බවින් මුදවන්නට වදනක දෙකක කුඩා දෙබස මහත් සහයකි.
” මා කෙටි කාලයකට හැදෑරීම් ආයතනය වෙතට ගොස් සිටී. එලබෙන කෙටි කාලයකින් නැවත අප නගරය වෙතට පැමිනෙන්නට සැලසුම්ව ඇත. මා ඉතා කැමැහ්තෙන් අප නැවත හමුව වෙතට බලාපොරොත්තු තබා සිටිමි. ඔබ යොමුලර තිබූ බොහෝ කරුනු පිලිබදව ආයතනයේදී කරුනු රැස්කරගන්නට කටයුතු කරමින් සිටිමි. ඔබ ආශ්‍රමයෙන් පිටත්වූ වහාම මාවෙතට පනිවිඬයක් තබන්නට අමතක නොකරන්න”. බලපොරොත්තු වූ පරිදිම මහත් ධනාත්මක ප්‍රථිචාරයක් ඇය වෙතින් පැමින තිබේ. මදපමනක හෝ දෙගිඩියා මනස විසින් අඩපනකොට තිබූ උනන්දුව ක්ශනිකින් දැල්වූවා සේ දැනිනි. අවශ්‍ය වන පොත්පත් කිහිපයක් හා සටහන් කොල ආදී අඩුපාඩුකම් කිහිපයක් නගරයේ පොත්හල් වෙතින් මිලදී ගත් මා ලහි ලහියේ අදුරට පෙර ආශ්‍රම භූමිය වෙතට එන අටියෙන් ආපසු ගමන් ඇරබුවෙමි. දැල්වෙන බලාපොරොත්තු විසින් ජීවිතය අවධිකරවන ආකාරය පුදුමාකාරය. “ජීවිතයට නිරන්තරයෙන් බලාපොරොත්තු නොපැමිනීම තරම් භ්‍යානක අතරමංවීමක් තවත් නැත” වරක් අප අධ්‍යාන ආයතනයේ රැඟ දැක්වූ අපූර්ව වේදිකා නාට්‍යයක තේමා සටහනක් සිතට පැමිනියේ නිතැතින්ය. බලපොරොත්තුවත් බව හා බලාපොරොත්තු අහිමිවීම අතර ජීවිතය දෝලනයවීම අතර මනා නාට්‍ය රසයකින් ප්‍රේක්ශක මනස රසවත් කරන්නට එම නිර්මානයට හැකිවිය.(69) Pubudu Siriwansa
