සමහර විටක ටිබෙටියානු මිතුරා වැඩි කාලයක් තම පිලිතුර සදහා ගනු ලැබුවේ වඩාත් තියුනුව ගැටලුව කරා පිවිසෙන්නට අවශ්‍ය නිසාම විය හැකියි. “මම හිතනවා මේ ගම් වාසීන්ගේ ජීවිත රටාවන් හරිම සරලයි. හැබැයි සැහැල්ලුයි. මහත් හඬතලමින් හඬන මෙන්ම සතුවන අවස්ථා ඔවුන්ගේ ජීවිත වල හරිම විරලයි. දවසේ කාල සටහන හරිම සමබරයි. මුල් ස්වභාවයෙන්ම වාගේ තරගය පැමිනෙන්නේ තමන් සමගම විනා අනෙකා සමග නොවීම තුල බොහෝ දියුනු යැයි සිතා සිටිනා සමාජයන් වලදී මෙන් අපතේයන මිනිස් හැකියා ප්‍රමානය බෙහෙවින් අඩුයි. සරලව මම යෝජනා කලොත් ඔවුන්ගේ සමාජ ආකෘතියක් හැටියට මෙන්ම පුද්ගල ආකෘතියක් ලෙසටත් නිතරම සමාජ පරිසරයේ මෙන්ම ස්වභාවික පරිසරයේ දී අවම ශක්ති ප්‍රමානයකින් උපරිම ප්‍රථිපල ලබන ලෙසට සැකසී තිබීමම අපූරු කරනාවක් නොවේවිද කියලා?” ඔහුගේ විග්‍රහය හඟවන්නේ ගැටලුවේ තීව්‍රම සංධිස්ථාන වෙතට පැහැදිලීවම පිවිස ඇති බවකි. බාහිර ලෝකයේ වන දින වකවානු ක්‍රමවේදයට එකග මුත් පරිසරයේ වන සෑබෑ වෙනස් කම් සමගද මනාව නම්‍ය වන්නට සූදානම් ජීවන රටා අධි උෂ්නාධික නගර මධ්‍යයයක වන කාර්යාලයක අධිශීත වායුසමනයක තුල දැටි ශීතලාධික පරිසරයකට ඔබින ඇඳුමකින් සැරසී සිටින “මහත්මයෙකුට” විසුලුකරනවා වැනිය.
“මම හිතනවා යලිත් නගරයට ගිය පසුව මේ අපූරු අත්දැකීම ජීව සෛලයක සිට නවීන සමජීය ජීවිතරටවක් දක්වා වන විශාල වපසරියක විහිදෙන ලෙසට අපට කථාකරන්න පුලුවන් වේවි. මට පුලුවන් උනා අවසන් වරට නගරයට ගිය වේලාවේ ‍රැස්වු තොරතුරු පිලිබඳව කෙටි විස්තරයක් ඇය වෙතට Email කරන්නට. ඒක ඇයට පහසුවක් වේවි අවශ්‍ය වෙතැයි සිතිය හැකි අමතර තොරතුරු ක්‍රමයෙන් ‍රැස්කරමින් අපේ සටහන වඩාත් අර්ථවත් ලෙසට ඉක්මනින් අවසන් කරන්නට”. මම ඉදිරි සැලසුම පිලිබදව මඳ පැහැදිලි කිරීමක් මිතුරා වෙතට කලෙමි. “මම හිතන්නේ පැහැදිලි මුත් මද සීතලැති සැන්දෑව කඳුනත දිගේ කෙටි සක්මනකට ආරාධනා කරනවා වගේ..” කියමින් නැගී සිටියේ මිතුරාගේ එකගත්වය පිලිබඳව කිසිදු සැකයක් නොමැතියාක් ලෙසටය.(65)
විශ්වය මත අහඹුතා අපමනක් මැද පෘතුවියක් නිර්මානය වන අයුරු, ඒ මත අහඹුතා අපමනක් පසුකරමින් ජීවයක් නිර්මානය වන අයුරු මෙන්ම ඒ ජීවිත අතරින් අහඹුතා අපමනක් පසුකර බුද්ධියක් හිමිකර ගැනීමේ දිගු ක්‍රියාවලිය අපමන වර්ණවත් නෙක රසින් පිරි කථාන්දරයක් බදුය. ජීවියෙකු ලෙසට වන මූලික සීමා ඉක්මවා යමින් තමන් තමන් මතම තම කථාන්දරය ලියන්නට සමත් හැකියාවන් අත්පත්කර ගනිමින් තම ජිවිත රටාවන්, තම පරිසර රටාවන් පමනකුදු නොව පෘතුවිය තුලට මෙන්ම අනන්ත අහස්කුස සීමා සිදුරු කරලමින් ආසන්න ආකාශ වස්තූන් ගැනද සොයා බලන්නට අද ඔහු සමත්ව ඇත. ගොඩ නැගීම් හා බිඳවැටීම් අතර වන චලනයන් විසින් නෙක ආකාරයේ උත්සාහයන් වල අවසන් ප්‍රථිපලය ලෙසට මෙම දිගු කථාන්දරය අදද ලියවෙමින් ඇත. සාම්ප්‍රධායික හුරු පුරුදු ලොකයේදී ඇතිවන නිද්‍රා බව අවදිකරවන්නට මේ අපූර්ව ගම්වාසීන්ගේ නෙක විසිතුරු ජීවිතරටා අප වෙතට මහත් පහසුවක් වනු ඇත. සමහර විටක යැවූ ඊමේලය වෙතට ඇය පිලිතුරක් ඒවා තිබෙනවා විය හැක. සිත කිසිසේත්ම විස්වාස නොකරන මුත් ඇය සියල්ල අමතක කරදමා අප හමුවු නගරයෙන්ද වෙන්ව ගොස් තිබෙනවාද විය හැක. තර්ක හැකියාව මනසට එවන් යෝජනාවක් ගෙනෙන මුත් ඇය මහත් බලාපොරොත්තුවෙන් අප හමුව මෙන්ම අප සටහන් පෙල වඩාත් විසිතුරුව ඉදිරියට ගෙන යන්නට සූදානමින් , බලාපොරොත්තුවෙන් සිටිනවා වියයුතුයි විස්වාස නිරන්තරයෙන්ම සිත තුල වන බවක් පැහැදිලිව දැනීම මහත් ශක්තියක් ලෙසින් දැනේ.(66)
කඳු මුදුනත වන මාවත ඔස්සේ අප නිහඬවම බොහෝ දුරක් ඇවිද ගියෙමු. බටහිර බෑවුම පාමුලින් ගලා යන ගංගාව පැහැදිලිව පෙනෙන ඉසව්වක නතරව මදක් ගිමන් නිවන්නට නොදොඩාම එකගව ඇතීවාක් සේ අප පසකින් වූ ගල් තලාවක අසුන් ගතිමු. “සංස්කෘතිය කියන්නේ මිනිසුන් නිර්මානය කර ගතපූරුතම දෑ කියල කිව්වොත් මම හිතන්නේ හරි. සමහර වේලාවට ජීවිතය අර්ථදැක්වීමේ ඉදලා සියලුම කථාන්දරයන් නිර්මානය වීමේ පසුබිම මෙතැනය කියලා අපිට පිලිගන්නට වෙනවා ආගම්වාදී නැතිනම් දේශපාලනවාදී මතවාද ගෙනෙන්නන් මොනවා කිව්වත්” මම මද විරාමයක් තබා ඔහුගෙන් ප්‍රථිචාරයක් බලාපොරොත්තු වුනෙමි. ඔහුගේ නිහඬ බව මා වෙත දෙබස ඔස්සේ ඉදිරියට යන්නට ආරාධනාවක් විය යුතුය. “ඉතින් උපතක ඉදලා විපතක නැතිනම් ගොඩ නැගීමේ ඉදලා නැවත බිඳ වැටීම දක්වා වන පුද්ගලයා කියන ශක්තිචලනයෙන් පරිසරයට වන ගනුදෙනුව තීර්නය කරන මේ සංස්කෘතිය කියන ප්‍රේම් එක නිවැරදිව පිහිටා නොතිබීම සකල විද ගැටලු නිර්මානයට පලමු පදනම වෙනවා. ඒ අතින් මේ සංස්කෘතියට පුලුවන් වෙලා තිබෙනවා අපූරු කලමානාකරනයක් මෙහිවන ජීවිතවලට ගෙන්න්නට. දියුනු කියලා අප විස්වාස කරන සංස්කෘතීන්වල ඒ දියුනුවම කියල අප හඳෞනා ගන්නා ලක්ෂන නිර්මානය කර ගන්නට මෙන්ම ‍රැක ගන්නම මේ සංහිදියාව කඩා දැමීමේ කොන්දේසිය ඉහලින්ම පවතිනවා කියලා මම දකිනවා.” ටිබෙටියානු මිතුරා නිහඬය. පහතින්, දුරින් පෙනෙන නිසලව ගලා යන ගංගාව මතුපිට ඉදහිටක මතුවෙමින් සෙමින් මැකීයන පැහැදිලි අපැහැදිලි දියරල ඔහුට භාවනා නිමිත්තක් දී ඇතුවා සේය. (67)