පැහැදිලි සැදෑව ලෝකය මත කෙටි සක්මනකට කැදවන සුහඳ ඇරයුමක් බඳුය. ටිබෙටියානු මිතුරා දහවල අහරින් පසුව මද විවේකයක් ගන්නවා විය යුතුය. සැඩ නොවන හිරු මඩල කඳු මුදුනතට පැමිනෙන්න යැයි නැවත පවසයි. ගසකින් ගිලිහී වැටෙන පත්‍රයක් වුවත් විවෘත වන්නට සූදානම් මනසකට මහත් නිමිත්තකි. “ලෝකයේ බහුලව වෙසෙන්නන් වර්ග දෙකකට බ්ර්ඳිය හැක” මේ ටිබෙටියානු මිතුරාගේ අදහස් ය. “ඉන් එක කොටසක් ජීවිතය ගැන මුලික අරගලයේ සිටී. හැබැයි මේ කොටස වටා සිටිනා තවත් කොටසක් කයින් මේ මූලික අරගලයෙන් මිදී සිටියද මනසින් ඔවුන් හා සමවන්නෝමය. පැහැදිලි අනෙක් කොටස නම් විමසිලිමත් ජීවිතය නිද්‍රාවට පත්වූ අඩව පියන් දෙනෙතින් ලොව දේ බලා සිටින්නෝය. ඔවුන් කති බොති, නිදියති හැරෙන්නට ජීවිතය සමග වෙනත් ගනු දෙනුවක් නැත්තෝ පරිදිය” ඔහු ලොකය අර්ථ දක්වන්නට මහත් රුසියෙකි. “තව දුරටත් උගතුන්ගේ ආධිපත්‍ය ඒ තරම්ම වැදගත් නැහැ. වැදගත් වන්නේ දැනුම සමග නිර්මානශීලී වන මිනිසුන්ගේ පැමිඔනීමයි” සමහර විටක එම මතය පිලිගන්නට තව කාලයක් යන්නට පුලුවන වේගයෙන් දියුනු වන පරිගණකය වැනි උපකරන්ම අසුරු සැනින් දැනුම භාවිතාකරන්නා කරා ගෙන එන්නට නිරන්තරයෙන් සූදානම් වෙමින් සිටී. දියුනු වන AI වැනි තාක්ශනයන් ඒවා වඩාත් නම්‍යව හා ස්ථානොචිතව පහසුවෙන් ගෙනෙන්නේ කෙසේ දැයි නිරන්තරයෙන් විමසමින් සිටී. මේ පසුබිමව සැලකීමේදී වසර සිය ගනනකමිනිස් වර්ගයාගේ ආධිපත්‍ය අවකාශයක් වේගයෙන් අස්ථාවර වෙමින් තිබේ. පැමිනෙන ලෝකයේදී බරපතලව පියවර තබන ආඩම්බරකාර වියතුන් අසරනව යන්නේ ඔවුන් මහත් ආඩම්බරයෙන් මතකයේ ටදවා ගෙන සිටින බොහෝ තොරතුරු ලබාගැනීම යාන්ත්‍රිකව වන්නට නියමිත බැවිනි. මේ ගම්වැසියන්ගෙන්ද හෙලිවන ප්‍රධාන කාරනාවක් වන්නේද එයයමය. ඔවුන් සතුව පරම්, පරාවෙන් එන මහා බ‍රැති පොත් පත් සමුදායක් නැතිය.නමුත් දියුනු ලොවට පවා අභියෝගකල හැකි අවබෝධයකින් ඔවුන් ජීවත්වේ. තම පරිසරය සමග ගනු දෙනු කෙරේ.
සිත් අවකාශයේ ඔබ මොබ සක්මන සමග කඳු මුදුනත සක්මනද බොහෝ දුරට විහිදී ඇත. අඳුරට පෙර ආශ්‍රමය වෙතට පැමිනෙන්නටනම් පා ඉක්මන්කල යුතුවා සේ හැගෙන දුරක් පැමින ඇත. හොඳින් වන ආලෝකය ඇති මුත් සිසිලැති පරිසරය ගෙනෙන්නේ මහත් ප්‍රබෝධාත්මක බවකි. නගරයට ඔබ්බෙන් වන කඳු මුදුනතේ අප එක්ව ගලා ගිය කාලය නැවත පන ගන්වන්නට හොඳින්ම කාලය පැමින ඇතුවා සේය. සතියක කාලයක් නිදහස් ලැගුම් හලක ගත කල විට ‍රැස්ව ඇති තොරතුරු යලි පිලිවලක් ඇතිව සකසා ගන්නට හැකි වනු ඇත. “මිනිසුන් විෂයන් වලට හිරවෙලා හරිම සීමිත වෙලා කියලා මම හිතනවා” වරක් අප කඳු මුදුනතට වී කල දෙබස් සක්මනක් අතරතුර මම යොජනා කලෙමි. බොහෝ හෑදෑරීම් අසම්පූර්න වන්නට මේ බව හොඳටම බල පානවා. සීමිත මනස ගෙනෙන්නේ සීමිත දැනුමක්. මම ඇයට යෝජනා කලෙමි. “අර ආශ්‍රම භූමිය ලග මිනිසුන් අසරනද අපට වඩා ශක්තිමත්ද කියලා තීරනය කරන්න තරම් අපි නොදියුනුයි කියලා මම හිතනවා. එක අතකින් මේක හසුවීමක්, නැතිනම් අපිවම සීමා කර ගැනීමක්. හැබැයි මේ සිමා බිඳලන එක හරිම අභියෝගාත්මකයි. අනිත් පැත්තෙන් තීරනාත්මකයි”. ඇය බොහෝ වෙලාවක් වුවද නිහඬවම සවන් දෙන්නට සමතියකි. විටක හෝරාවක් දෙකක් පවා. සමහර අවස්ථාවලදී ඇයගේ සවන්දීම ව්‍යාජයක්ද දැන ගැනීම සදහා බොහෝ පෙරදී මා කියන ලද කරුනක් ඔස්සේ යලි විමසුමක් කරන විට ඇය මනාව ඒ පිලිබදව කථා කරන්නට තරම් අවධානයක් දී ඇති බව තහවුරු කරවයි. “සමහර විටක අද අප මේ පසුකරමින් සිටින අධ්‍යාපන ක්‍රමය ඉදිරි දශක කිහිපයතුල වෙගයෙන් මෙන්ම සම්පූර්නයෙන්ම වෙනස් වේවි කියලා මම හිතනවා. මිනිසුන්ට මතක තබා ගැනීමේ සිට මතකයන් අතර ක්‍රියාත්මක වීමේ නව අවකාශයක භාවිතාවක් පැමිනේවි කියලයි මට දැන්නේ. තොරතුරු තාක්ශන ඒකට අවශ්‍ය පරිසරය වේගයෙන් දැනටමත් නිමවමින් තිබෙනවා කියලා මට දැනෙනවා.” ඇය සියල්ලම පාහේ හොඳින් මතක තබා ගන්නට කටයුතු කරයි. පසුව සටහන් බවට පත්කරන්නට වගබලා ගනී, අවශ්‍ය විටකදී පහසුවෙන් ඒවා නැවත ගෙනෙන්නට සහය වෙයි. කොටින්ම ඇය අපූරු හෑදෑරුම් සහකාරියකි.