එලබෙමින් ඇති ගිම්හානයේ නගරය වෙතට ආපසුව යා යුතුව ඇත. “දැනුම කෑ ගසන විට අවබෝධය වඩාත් නිහඬ කරවයි” වරක් අප සවන් දුන් විද්වතෙක් තම අපූර්ව වාචික දේශන සංචාරයේ දෙපැය නිම කලේ එලෙසය. “ඔබ මෙතෙක් නොගොස් ඇති බොහෝ ප්‍රදේශ පෘතුවිය මත ඇත. සමහර ප්‍රදේශ වෙතට යන්නට ඔබගේ ආගම, හෑදෑරීම් බලකරමින් සිටිනවාද වන්නට හැක. මම ඔබෙන් අසන්නේ ඔබ සැරිය යුතු වඩාත්ම අපූර්ව ප්‍රදේශය පිහිටා ඇත්තේ ඔබගේම මනස තුල බවයි. එහි ඔබට ආපස්ස මෙන්ම ඉදිරියටද යන්නට අපමන අවකාශයක් ඉතිරිව තිබියදී දෛනික ජීවිතයට හුරු පුරුදු සීමිත අවකාශයක පුරුද්ද්ක් ලෙසට සරමින් ඔබ සීමා වී ඇති සැටි ඔබ නොදන්නවා විය හැකියි. මම සපත කොට ඔබට යෝජනා කරන්නට කැමතියි ඔබගේ විසිතුරුම සංචාරය වැටී ඇත්තේ ඔබගේම මනස මත්තෙන්ම පමනයි. එහි නොයන ඔබ ලොවමත කොතරම් දුරක් ඇවිද ගියද පලක් නැති බව මගේ යෝජනාවයි” ඔහුගේ දේශයනය අවසන් කොට විනාඩි කිහිපයක් ගතවන තෙක්ම දේශන ශාලාව දැහැන් ගත වූවාක් මෙන් තබාලන්නට සමත්විය.
මේ තොරතුරු වඩාත් ක්‍රමවත් කර ලෝකය වෙතට පවසන්නට අවශ්‍යය. දැනුම පැහැදිලි කල හැකි මුත් අවබෝධය මදක් අපහසුය. දැනුම පොදුවන විට අවබෝධය “පෞද්ගලික හා පොදු” අවකාශයක අතර ඉදිවන්නකි. එවිට වඩාත් නිර්මාණශීලී වන්නට සිදුවෙයි. එලබෙන ගිම්හානය අවසන් වන්නට මත්තෙන් සියලු කටයුතු අවසන් කරන්නට අවශ්‍යය. විටක ඇය තම කෙටිකාලීන හැදෑරීම් අවසන් කර නැවත නගරය වෙතට පැමිනෙන්නට සූදානම් වනවාද විය හැක. ආශ්‍රම දොරටුවේ වන සියුම් කැටයම් වෙනදාට වඩා පැහැදිලිව පෙනෙනවා වැනිය. ඒව තුල මෙතෙක් නොදුටු තවත් බොහෝ අරුත් ඇතුවා සේ හැගේ.
“අප බලාපොරොත්තු වුනේ ඔබ ඊයේ පැමිනේවි කියලයි” ගබඩා භාරකාරතුමා කාර්යාලයේ දොරකඩ විය. “කොහොමද ඔබගේ කටයුතු සියල්ලම සාර්තකද? ගම් වාසීන් පිලිබදව බොහෝ තොරතුරු ඔබ සතුව ඇතැයි මම සිතනවා..” ලොව ප්‍රකට විශ්ව විද්‍යලයක පුස්ථකාලාධිපති ධූරයක් දරමින් සිටි ඔහු තම ඉන්දියූනු සංචාරයකදී දැන හඳුනා ගත් දහමක් පිලිබදව වැඩි දුර අවබෝදයක් සොයමින් සිටින විටකදී අහබු ලෙස ලැබුනු හෝඩුවාවක් ඔස්සේ මෙහි පැමිනි බව මට කීවා මතකය. මෙහිවන අපූරු රිද්මය ඔහුගේ සිත්ගත් ප්‍රමානය කොපමනදැයි කිව හොත් පැමින කෙටි කලකින්ම තම් සේවාස්ථානයෙන් සමුගෙන මෙහි පැමින තිබිනි. මා ආගන්තුකව පලමුවෙන්ම මෙහි පැමිනි දිනයේදීම ඔහු සතුවූ අපූරු ගතිගුන සිත්ගත්තාය. සාමාන්‍ය මිනිස් පරිසරයකදී ආගන්තුකයෙකුට ලැබෙන සැක සහිත පිලිගැනීම මෙහි නොවිනි. විවෘතබව හා සුහඳ බව එහි විය. මේ අපූර්ව ගම්වාසීන්ගේ සිත්ගන්නා තොරතුරු පලමුවෙන්ම මම දැන ගත්තේ මොහුගෙන්ය. “ඔබ මේ ගමන්ම අශ්‍රමය මුදුනතට යනවාද , නැතිනම් දහවල් ආහාරයෙන් පසුව යනවාද? බොහෝ විට ඔබගේ මිත්‍රයා පහලට ඒවි.” පැමිනෙන්නන්ගේ සුව පහසුව ඔහුගේ රාජකාරියක්ම ලෙසට වඩා යමක් ලෙසට හැගෙනවා වැනිය. සූහඳ බව මුල් ස්වභාවයෙන්ම ඔහු සතුව තිබෙනවාක් වැනිය. සමහර විටක විශ්වවිද්‍යාල පරිසරයෙන් එය උරුම වන්නට ඇත නැතිනම් ඔහු රැස්කරගෙන තිබූ අපමනක් කියවීම් ඔස්සේ මේ අපූරු විනය පැමින තිබෙනවා විය හැක. “ඔබට මොකද හිතෙන්නේ මේ ගම් වාසීන් ගැන?” මිනිස් වර්ගයා මෙපමන දුරක් ගෙන ආ ප්‍රදාන සාධයකය වූ කුතුහලය තවමත් ඔහු සතුව තිබෙනවා විය යුතුය. “මට හිතෙනවා මිනිස් කථාන්දරයේ අපට මග හැරුනු සමහර දෑ ඔවුන් සතුව තිබනවා කියලා..” මම පැහැදිලි කරන්නට විනිමි. “මිනිසුන් ලෙසට ඔවුන් තම පරිසරයත් සමග ඇති ගනු දෙනුව හරිම සරලයි. හරිම සියුම්. අපි වාගේ නොවෙයි. ඔවුන්ගේ ජීවිත කතාන්දරය පරිසරය මත ලියවෙන්නේ වඩාත් සංවේධී විදිහට. සරල උදාහරනයක් ගත හොත් ඔවුන් ඉදහිටක හෝ පැමිනෙන විශාල ජල කඳකට තම වගා බිම් වලට හානියක් වනට ඉඩ නොතැබෙන්නේ එයට එරෙහිව නොව එහි වන බලය තේරුම් ගෙන එය හා එකග වීමෙනියි” ඔහු සිහින් සිනාවකින් මා දෙස බලන්නේ මහත් තෘප්තියකින් වනිය. සමහර විට පලමු දිනයේදීම තමන් අතින් දැල්වූ කුතුහලයේ කුඩා පහන්සිල මෙතරම් වර්ධනය තිබීම ගැන සතුටු වනවා විය යුතුය.
