තුන්මෝදර ප්‍රදේශයේ වන පාරිසරික අපූරු ස්ථාන අතර සරන ඔබට හමුවන තවත් විසිතුරු දිය ඇල්ලක් වන්නේ තුමෝදර රන්මුදු ඇල්ලය.ලබුගම කලටුවාව රක්ෂිතයෙන් ඇරබෙන බිසෝවක ඇලෙන් පණ ගැන්වෙන මෙම දිය ඇල්ලේ විසිතුරුම දසුනක් ගෙන එයි. ගල්තලා මතින් ඇදීයන මෙම ජල කඳ අවසානයේ කැළණි ගග වෙතට එක්වේ. රබර් වතු යායක් මැද පිහිටි මෙම ඇල්ලේන් එන ජලධාරාව ප්‍රදේශවාසීන්ගේ අවශ්‍යතාවන් සදහා මහත් සේවයක් කරමින් ගලා යමින් සිටී. ශාක හා සත්ව විවිධත්වයටද තවමත් හිතකර පරිසරයක් අඩු වැඩි වශයෙන් සලසමින් තිබෙන මෙහි අවට වන ස්වාභාවික බව රැක ගැනීම වැදගත් වනු ඇත.
