අපි මේ වන විට පැහැදිලිවම හඳුනාගෙන ඇති කාරනයක් තමයි තොරතුරු අවකාශය ප්‍රධාන මාවත් දෙකක් ඔස්සේ ඉදිරියට යමින් සිටින බව. එකක් වන්නේ වඩාත් සංකිර්න ගනනයන් ඔස්සේ භාවිතාකරන්නා වෙතට වැඩි බුද්ධිමත් මැදිහත් වීමක් කිරීම. කෙටියෙන් A.I ලෙසට නම් වන මේ මාවත ඔස්සේ දැනටමත් ප්‍රධාන පෙලේ සියලුම තොරතුරු තාක්ශන සේවා ආයතනයන් තමන්ගේ අනන්‍යතාවයන් සටහන් කොට තිබෙනවා. “ඩිජිටල් සහකරුවෙකු” නැතිනම් සහකාරියක නමින් මේ බව Microsoft, Apple මෙන්ම Google ආයතනයන්ද මේ වන විට තම විසදුම් ඉදිරිපත් කරමින් සිටිනවා. මෑතකදී සිදුවුනු සියලුම ප්‍රධාන පෙලේ හඳුන්වාදිම් හමුවවල් වලදී ඔවුන් මේබව ආශ්‍රිත වන හඳුවාදීමකට නැතිනම් දියුනු කිරීම තොරතුරු නිරන්තරයෙන් ගෙන ආ බව දකින්න පුලුවන්.
අනෙකුත් ප්‍රධා හැරවුමක් වන්නේ ක්ලවුඩ්-Cloud computing- දෙසට වන චලනයයි. වේගයෙන් වර්ධනය වන වඩාත් අඩු බැලැති උපාංග ඔස්සේ භාවිතාකරන්නා වෙතට වඩාත් සංකිර්න භාවිතාවන් වෙතට ගෙන යන්නට ඔවුන් කටයුතු කරමින් සිටිනවා. සරලව සැලකීමේදී දත්ත ගබඩා හැකියාවේ විට සංජීර්න ගනනයන් දක්වා වන නෙක ආකාරයේ හැකියාවන් මේ ඔස්සේ භාවිතාකරන්නන් වෙතට ගෙනෙන්නට කටයුතු කරනවා.මෑතකදී සිදුවුනු Microsoft හමුවේදී පැහැදිලි කරසිටියේ ඉතා ආරක්ශිත මෙන්ම වඩාත් සංකීර්නව කාර්යාලීය කටයුතු සදහා මැදිහත් වන්නට මේ වන විටත් සූදානම් බවයි. Google ආයතනය ප්‍රකාශ කර සිටියේ සරල සෙවුම් ප්‍රථිපලවල සිට භවිතාකරන්නගේ වඩාත් පෞද්ගලික තොරතුරු අවශ්‍යතාවය දක්වා සංකීර්න මැද්හත්විමකට තමන් සූදානම් බවයි. සරලව පැහැදිලි කල ඔවුන් පැවසුවේ භාවිතකරන්නාගේ ඉදිර් සැලසුම් සටහන ඇසුරෙන් අවශ්‍යවන ඊමේල නැතිනම් SMS වැනි කෙටි පනිවිඬ ස්වංක්‍රීයව යැවීමේ සිට එම පුදගලය්යන්ගේ හෝ ආයතනයන්ගේ ඉදිරි සැලසුම් විවෘතව ඇත්නම් සිදුවිය හැකි හදිස්සි වෙනස් වීම දක්වා වන බොහෝ කාරනා සදහා අවධානයෙන් සිටින්නට තමන් සූදනම් බවයි.  – Pubudu Siriwansa