පැමිනෙන අඩ අඳුර විසල් රුක්ෂයන්ගේ පත්‍රවල යට පස අදුරින් වසාලන මොහොත සැදෑවක අපූරත්වයේ උපරිමය ලෙසට මට දැනේ. පසුබිමින් පෙනෙන සැදෑ හිරු කෙමි වලින් දිලෙන වලාකුලු පොදි මෙන්ම ඈතින් යාන්තමට දිලෙන ගම්මාන කඳුවැටිය මේ විසිතුරු බව වඩාත් ඔපවත් කරන්නාක් බදුය. තැනින් තැන් වන නිවෙස් වල දැල්වෙන පහන් සිලු මේ අපූරත්වය වඩාත් වර්නවත් කරන්නේය. පමාවී කැදලිකරා පියා සලන පක්ෂීන් ‍රැන් මේ සිත්තමට අවසන් පින්සල් සටහන් තබනවා වැනිය.
“අපේ මිත්‍රවයේ සංශිප්තයක් මට කියන්න පුලුවන්ද?” වරක් සෑදෑකදී අවන්හලේදී ඇය විමසා සිටියාය. ප්‍රකට බටහිර පියානෝ වාදකයෙකුගේ ඉතා සෙමින් ගලායන ස්වර සංකලනයන් ගෙන් අවන්හල කන්කලුවද තිබිනි. “ඔබ මගේ විසිරීතිබූ මනස එක්තැන්කල කාචයක් කියලා කිව්වොත් හරියි මම හිතන්නේ”. එය සැබෑවකි. ඊට පෙර වසර ගනනාවක් තිස්සේ මාකල කිසිදු දේශනයකදී අත්පත්කර ගත නොහැකි මට්ටමේ විෂය කෙරෙහි නාභිගත වීමක් මටම දැනෙමින් තිබිනි. “දැනෙමින් තිබූ මනසේ අඩු කොටසක් ඔබ නැවත සොයා දුන්නා වගේ හැගීමක් මට දැනෙනවා වගෙයි” කියා කියන්නට මට අවශ්‍ය වුවද එය සීමාව ඉක්මවා යාමක් ලෙසට දැනෙනු ඇතැයි මනසට හැගිනි. වරක් ටිබෙටියානු මිතුරා මිත්‍රත්වය ගැන කල අපූර්ව සටහනක් මතකයට පිවිසේ. ” දන්නවද, කවුරු හරි මිනිස්සු මවන එක්කෙනා තමන් මවන මිනිස්සුන්ගේ මනසවල් වල කුඩා කොටස් හරිම නපුරු විදිහට වෙන් කරලා වෙනත් මිනිසෙකුගේ මනසට එකතු කරලා දානවලු. කලාතුරකින් හරි අපිට සමහර මිතුරන් හමුවුනාම ජීවිතය නැවත හමුවුනා වගේ සතුටක් දැනෙන්නේ ඒ නිසාලු” විසුලු සහගත ප්‍රබන්ධයක් ලෙසින් පැවසූවද එහි බරපතල ආකාරයේ අරුතක් ඇතැයි අද මට විස්වාසයක් නැගේ(22)
“මම හිතන්නේ ඔබ තුමා දවසේ සැදෑ හමුවට එන්නේ නැතුවා වාගෙයි?” ගබඩා භාරකාර තුමාගේ හඬයි. වැඩිකලබලයකට පත් නොකට කෙටි දැනුම් දීමකින් පමනක් සෑහී ඔහු අහම්ශාලාව දෙසට ඉක්මන් ගමනින් යනු පෙනේ. සෑම සැදෑවකම ආශ්‍රමයේ සියලු දෙනාම බොහෝ දුරට සැදෑහමුවට පැමිනෙනු සුලුය. මෙහි පවතින බොහෝ ක්‍රියාකාරකම් නීති රීතීන් නොවන්නේය. කිසිවෙකුට බල නොකිරීම කැපී පෙනෙයි. එනමුත් පැමිනෙන අමුත්තන් බොහෝමයක් විටම පාහේ ඒ රටාවන් වෙතට ඉබේම වාගේ අනුගතව හැසිරෙනු දැකිය හැකිය. අවසාන වශයෙන් ඒවාට බාදා නොකර සිටින්නට තරම් වත් ඔවුනට අවශ්‍යවේ. ආගන්තුක කුටිවල සිට ආශ්‍රම කුටියකට පිවිසෙන විටම අවිංඤානිකවම ඒ රිද්මයට එක්වන බවක් දැනෙන්නට පටන් ගනී.
පොත්ගුල්, බරපතල දහම් කරුනු කටපාඩම් වලට බල කීරීම් නැති මෙහි කියවීමට ඇහි වැදගත්ම පොත “මම” බවට යෝජනා කරයි. ඉතා ප්‍රාතමික මට්ටමේදී වඩාත් සරල “මම”ක් සදහා පිවිසෙන්නට යෝජනා වීම මෙහි ස්වභාවයයි. බරපතල වියතුන්, විශාල ව්‍යාපාරහිමි ධනවතුන් මහත් බරපතල ගමන් විලාසයන්, මුහුනු වරයන් සමග මෙහි එන මුත් අවසානයේ පිටව යන්නේ ඉමහත් සැහැල්ලුවක් ජීවිතයට එක් කරගෙන බව මද විමසිල්ලෙන් සිටියෙකුට පවා මනාව වටහා ගත හැකි කාරනාවකි.”කියවිය යුතු වැදගත්ම පොතනම් “මම” නම් වන පොතමය වන්නේය”. කාර්යාලයේ පිවිසුම් දොර‍ටුවට ඉහලින් මනාව පෙනෙන ලෙසට සටහන් කොට ඇත්තේ මෙහි ප්‍රධාන තේමාව ඒ නිසා වියයුතුය වැනි හැගීමක් නිතැතින් සිතට කැදවයි. ක්‍රමයෙන් දහම සමග පුරුදු කරන්නා ආශ්‍රම කඳුවැටියේ ඉහල කුටියක් කරා යන්නට වරම් ලැබෙන අතර එය ඉතා තර්කානු කූල කටයුත්තක්ද වන්නේ වඩාත් නිවුනු කෙනෙකුට හැරෙන්නට එවන් හුදකලාවක් සමග සහනශීලීව කටයුතු කිරීම විටක මහත් අපහසුවක්ද ගෙනෙන්නට ඉඩ ඇති බැවිනි.(23)