ඇගේ නිහඬතාවය මගේ දොඩමලු බවට ආරාධනාවක් විය යුතුය. “හිතන්න දැනුම කියන්නේ හරියට ලෝකය කියන අඳුරේ තියෙන චිත්‍රයට හෙලන පහන් ආලෝකයක් වගේ. මිනිසුන් ක්‍රමයෙන් ලොකය හඳුනා ගන්නට ඒ දැනුම භවිතාකරනවා. සාමන්‍ය ජීවිතයකට අවශ්‍ය දැනුම අද ලොකයේ පිලිගත් මූලික අවශ්‍ය තාවයක් ඒ අතරින් සමහරක් තමන් වැඩියම ප්‍රිය කරන විෂය ඔස්සේ වැඩි දැනුමක් ලබා වෘතිකයෙකු වනවා. හරියට ඔබ වගේ.” ඇය දොඩමලු බවට සේම සවන් දීමටද හපනියක් වීම අපේ මිත්‍රත්වය සදහා වඩාත් බලපෑ ඇතැයි මම සිතමි.
වගා භූමිය ඔස්සේ වැතිරුන ඒ මාවත සරල රේඛාවක් බඳුව දිවෙන්නේ අනන්තයට සේය. දෙපස මද දුරින් දුරට වන විසල් අතුපතර විහිදුනු රුක්ෂයන් තව තවත් එන්න යැයි කරන ආරාධනාවක් බඳුය. “ජීවිතය වගේ”. මා නිවැරදිය . යහපත් මිතුරු බව යනු අනෙකාගේ හැගීමක් පවා හොදින් හඳුනාගන්නට තරම් සුසර වූ මනස් පිලිබදව අපූරව සටහනකි. හඬින් යනෙන දෙබසින් මිදෙන සිතුවිල්ලක ගමන් මග හඳුනා ගන්නට තරමට අපගේ මිත්‍රත්වය වැඩී ඇත. මදුරක් ඇවිඳගිය අප මාවත අද්දර වූ සෙවනක ගිමන් නිවන්නට වුනෙමු. ඈ ‍රැගෙන විත් තිබූ මද උනුසුම් කෝපි බඳුන ක්‍රමයෙන් වැඩිවන සීත බවට දිව ඔසුවක් විනි.(34)
අප බොහෝ වෙලාවක් එම මාවතේ ඔබ මොබ ඇවිඳිමින් සිටියෙමු. තැනින් තැන වූ විසල් තුරු සෙවන යට බොහෝ දේ කථා කරමින් සිටියෙමු. තොරතුරු ලෝකයේ බොහෝ දේ ඇයට දැන ගැනීමට අවශ්‍යව තිබිනි. සමහර දෑ ක්‍රියාත්මක වන යුරු ඇය සිසුවියක පරිද්දෙන් දැනගන්නට අවශ්‍යව තිබිනි. සාමාන්‍යයෙන් පිලිගත් විෂයක එවන් වියත් කමක් ලබ අගත් බොහෝ වුන්ගේ ඇති ආඩම්බර බවක් ඇය තුල නොවීම මා සිත් ගත් කාරනයක් විය. ” දැනුම ඇයව බර පතල කොට උඩගු කොට දමන්නට අසමත්ව තිබිනි. විවෘත මනසට නෙක විෂයන් අතර සාමන්‍ය යෙන් වන වැඩ කඩුලු වලට මද උසින් වන දැක්මක් සමග නිදහසේ ඇවිද යන්නට අවශ්‍යව තිබුනා සේය. බොහෝ විට දැනුම ඉක්මවා ගිය අවබෝධයක් ඇයට අවශ්‍යව තිබුනා සේය. එය අපූරු මානසික තලයකි. කුල මල, ජාති, ආගම් ඉක්මවය යමින් මිනිසෙකුට තව මිනිසෙකුට හමුවන්නට හැකිවන විසිතුරු අවකාශයකි.” එම හමුව පසු දිනක දිනසටහනකට අකුරු කරනු ලැබුවේ එලසට පමනක් නොව පසුකාලීනව අවසන් කල පොතක පසු සටහනේ ඉස්මතුව සදහන් කර තබන්නට තරම් ප්‍රබලව සිතේ ඇදී තිබිනි.
කෙමෙන් සෑදෑව ගලා එත්ම අප ඇයගේ නවාතැන් පල වෙතට පැමිනුනි. ප්‍රථම වරට ඇය ඇයගේ උසස් අධ්‍යපන කාලය ගැන පමනක් නොව පාසැල් කාලය මෙන්ම නෙක පෞද්ගලික කාරනා ගැන මා සමග විවෘත වන්නට තීර්නය කර තිබිනි. එම අතීතයන්ට අයත් ඡායරූ මෙන්ම නෙක සටහන් පෙන්වමින් විස්තරකර දෙන්නට අවශ්‍ය විනි. කුඩා කල සිටම ජීව විද්‍යව පිලිබදව ඇගේ අවදිව තිබූ කුතුහලය ගැන පමනක් නොව විටක නෙක ව්‍යාපෘති වලට එක්වෙමින් කටයුතු කල ආකාරය පැහැදිලි කර සිටියාය. අවසානයේ රාත්‍රි ආහර වේල සදහා සුපුරුදු අවන්හලට යන්නට තීර්නය කෙරිනි. අවසානයේ අදුර දැඩි වන්නට පෙර මා නේවාසිකාගාරය අසලටම ඇරලවා යන්නට අවශය වන්නට තරම් ඇය කාරුනික විය.(35)