කාලයටකට පසුව නිශ්චල රාත්‍රියකට පිවිසෙමින් සිටිමි. කුටියෙහි ඉහලින් වන කවුලුවක ඔස්සේ මද සඳ එලිය ගලන්නේ සක්මලුවට ඔබ්බෙන් වන විසල් රුක්ෂයෙහි සුපිපී ඇති මල් සුවද රැගෙන එන මද සීත පවනකද දැවටී ගෙන මෙනි. ටික දිනකට වෙහෙස කර කාලසටහන් එකමදෑ නැවත නෑවත පවසන්නට වන දේශන වලින් නික්ම සිටින්නට හැකිවනු ඇත. වඩාත්ම අපහසුව ගෙනෙන කාරනය වන්නේ නිෂ්පල තරගයය. කිසිවෙකු ජය නොලබන හුදු තරගය නැතුවාම බැරි සේ සමහරුන්ගේ ජීවිත වලට කා වැදී ඇති ආකාරය විටක පුදුම හිතෙන සුලුය.(27)
අප එකි නෙකා වඩාත්ම සිත්ගත් කාරනය වූවේ විසල් කදු මුදුනතවල් ඔස්සේ දිවෙන මාවත් වල ඇවිද යන්නට ඇය තුලද වූ මහත් ආශාවය. පලමු වරට අප එහි ගිය මොහොතක එවන් ගමනක් පිලිබදව ඇගේ වන අදහස දැන ගනු අටියෙන් ඒ පිලිබදව දෙබසක් ඇරබුවෙමි. කොතරම් වෙහෙසකින් සමග උනත් කඳු මුදුනතකට ගොඩ උනාම දැනෙන්නේ මහත් සැහැල්ලුවක් මම දෙබස ඇරබුවෙමි. ” ඇත්තටම වලාකුලුවලට වඩාත් ලංවෙන්න ලංවෙන්න වෙහෙස අවසන් වෙන හැටි හරිම පුදුමයි” ඇය පිලිතුරු දුන්නාය. එහි වූ විවිධ උද්භිත විශේෂයන්ගේ ලක්ෂන පැහැදිලි කරදෙමින් උවද වඩාත් ඇගේ අවධානය ලබන්නේ ඈතින් පෙනෙන කඳුයායවල් , නිම්නයන් වැනි අපූරු දේට බව මට හැගිනි. “කඳුකරයට මම හරි කැමතියි. සමහර විටක සංසාර පුරුද්දක් වෙන්න ඇති” සිනා සෙමින් ඇය පැවසුවාය. Zen බුදු දහම ගැන ඇය මහත් ප්‍රිය කරන බවක් පෙනිනි. එහි වන සියුම් “ඉලක්ක ගත” බවට ඇගේ සිත වඩාත් ඇදී ගිය බව විටක පැහැදිලි කර සිටියාය. “Zen වියුක්ත මනසකට අපූරු කැඳවීමක් කරනවා කියා මට සිතෙනවා” වරක් ඒගැන වන කැමැත්ත පැහැදිලි කරන්නටද යෙදිනි.
එම කඳු වැඩියේ නගරය දෙසට වන බෑවුම නොව අනෙක් දෙසට වන සීමාව නෙත් මානයට වන විශාල රක්ශිතයකට වෙන්ව තිබිනි. තැනින් තැන පෙනෙන විශාල දිය රැදුනු තැන් මෙන්ම තැනින් තැන හුදකලාව නැගී සිටින කුඩා කඳු ගැටිති වලින් එම දෙස මහත් අලංකාරවත්ව තිබුනාය. දිනක් අප එකි නෙකාට මද දුරකින් පිහිටවා ඇති දැව අසුන් වල දිගා වෙමින් එම දසුන රස විඳිමින් සිටියෙමු. රාත්‍රිය එලබෙමින් ඇති බව අමතකව ගොස් තිබුනා වැනිය. ආරක්ශක නිලධාරීන් පැමින අපව නිරුපද්දිතව නගරයට ඇරලවන්න කටයුතු කෙරිනි.(28)
අප උද්‍යාන භූමියේ ප්‍රධාන පිවිසුමට පැමිනෙන විට දැඩි අදුරින් හාත් පසම වැසී තිබිනි. මද දුරකින් වන නගරයකින් පැමින තිබූ ඇය මෙන්ම එම නගරයට ආගන්තුක බව වටහා ගත් ආරක්ශක නිලධාරීන් එම පරිසරයේදී සිදුවන ක්ශනික කාලගුන වෙනස් කම් පිලිබදව අපව දැනුවත් කරන්නට කාරුනික විය. එම රටෙහි වන ප්‍රධාන අධ්‍යන ආයතනයක් මෙන්ම වියතුන් , ලේකඛයන් නිතර ගැවසෙන නගරයක් ලෙසට සැලකෙන එම නගරය වෙතට පැමිනෙන්නන් සදහා විවේකී මෙන්ම නිදහස් පරිසරයක් ලබා දීම තම යුතුකම ලෙසට සැලකන බැවින් නගර පාලකයින් මෙවන් උද්‍යාන පහසුකම් විදීමට පැමිනීමට ආරාධනාත්මකව හැසිරෙන්නේ ලාබයක් සදහා නොවිනි. බොහෝ විටම පැමිනෙන්නන් එම නිදහස ඔස්සේ අයුතු කටයුතු වලට නොපිවසෙන්නේ අනෙකාට අපහසුතාවය ඇති නොකිරීම තම යුතු කමක් ලෙසට සැලකෙන බැවින් මෙන්ම සංස්කෘතිකවද අනවශ්‍ය ලෙසට කායික මෙන්ම මානසික අවශ්‍යතා පාලනයට නොපෙලබෙන සුලු රවාක් එහි පවතින නිසා විය යුතුය.
