ශාන්තිමත් කඳු මුදුන එතරම් වෙනසක් ලබා ගෙන නැතුවා සේය. කුඩා මාවත දෙපස වන තන බිස්ස තැනින් තැන වන වඩුනු රුක් ගොමු මෙන්ම නෙක වර්න පැහැ ගන්නා සියතුන් වර්ග එලෙසමය. බටහිර කඳු පාමුලින් ගලායන ගංගාවද කිහිදු වෙනසක් සිදුවී නැතුවා සේ ගල බසිමින් සිටී. දහවලට ආසන්න වන විට අප දෙදෙන ගම්මාන නිම්නය පෙනෙන දුරට පැමිනුනෙමු. මතකයේ හැටියටනම් තැනින් තැනවූ නිවාස සංක්‍යාවනම් මදක් වැඩිවී තිබෙනවා සේය. “පසුගිය දවස් වල ආශ්‍රමයේ සහයට මෙහෙන් ආපු ගැමියෙක් සමග මම බොහෝ වෙලා කථාකරන්නට ලැබුනා. ඔහු බොහෝ දෙවල් මට පැහැදිලි කර සිටියා. මම හිතනවා ඔබත් ඒවා පිලිබදව සැලකිලිමත් වේවි කියලා. අපි ඒ ගැන පසුව කථා කරමු.” මෙම ගැමියන්ගේ සමහර තාක්ශනික උපංක්‍රම පැහැදිලි කර දෙන්නට කිසිවිටකත් නොපැකිල වන්නෙය. එහෙත් ඒවා දැන ගත් නිසාම අත්හදා බලන්නට අපහසු වන්නේ මෙම පරිසරයේම අනන්‍යතා වන ගස් කොල, ස්වභාවික දැ සමග බැදී පවතින දෑ භාවිතාවීම නිසාත් ඒවා නිර්මානය කර ගන්නා ආකාරයේ පියවරයන් බොහොමයක් ඔවුනටම වන අවබෝධයක් ඔස්සේ සිදුවන නිසාත්ය. ඔවුනගේ පරපුරෙන් පරපුරට ඒවා ශක්තිමත්ව ගලා යන මුත් බාහිරෙන් පැමිනෙන්නෙකුට එම දැනුම හා භාවිතාව කරා පැමිනීම ඉතා අපහසු වන්නේය. එම සංස්කෘතිය සංක්‍රිය කරවන මිනිසුන් ඉපදෙමින් මිය යමින් ඉදිරියට ගලා යන මුත් සංස්කෘතිය නොසැලී තිබෙන ආකාරය අපූරුය.(32)
ඇයගේ නේවාසිකාගාරය පිහිටා තිබුනේ මද දුරකින්ය. විශාල ගොවි බිම් යායකට මුහුනලා ඉදිව තිබූ නේවාසිකාගාර පෙලක ඒන නිවසක ඇය නවාතැන් ගෙන තිබුනේය. ඇයගේ ආරාධනය පරිදි වරක් මා එහි ගියෙමි. තරමක අලස එකියක වුවද ඇය තම නේවාසිකාගාරය ඉදිරි පිට විසිතුරු මලින් සරසා තිබෙන්නට කටයුතු කර තිබිනි. පොත පතින් පිරුනු ආලින්දයකදී ඇය මා පිලිගත්තාය. අසල වූ තවත් අසුනකට ආරාධනා කල ඇය “ඔබගේ පැමිනීමට මට සතුටක්” පවසමින් ඉදිරියෙන් වන කොල වර්නයෙන් පිරුනු වගා යාය දෙසට මගේ අවධානය යොමු කලාය. “ඔබට හරිම අපූරු තැනක ලැගුම් ගන්නට ලැබී තියනවා වාගෙයි, මම හරිම කැමතියි මේ වගේ තැන්වලට” මම පවසන විට ඇය හිස වනමින් “මම දන්නවා” වැනි ඉගියකින් එකගතාවය පලකලාය. තවමත් සංක්‍රියව තිබෙන පරිගණකය දෙසට මා අවධානය අදී යනු දුටු ඇය” ඉස්සරනම් මම ඒ තරම් තොරතුරු තාක්ශනයට කැමති වෙලා හිටියේ නැහැ, ඒත් ඔබ හමු උනාට පස්සේ වැඩියෙන් ඒ ගැන අවධානය යොමුකරනවා. මෑත කාලය තුල මම ගොඩාක් තොරතුරු එක්කාසු කර ගත්තා අන්තර්ජාලය ඔස්සේ. ඒකේ ස්තුතිය ඔබටයි” සුහඳ සිනාවක් සමග ඇය පවසා සිටියාය.
වගා වතුයාය මැදින් වැටී තිබූ නිදහස් මාවතක් ඔස්සේ අප දෙදෙන ඇවිද යමින් සිටියෙමු. “ඔබ මට ප්‍රිය කරන්නේ ඇයි?” විචාලාය. “ඔනෑම සමාජයක වෛද්‍යවරයෙකුට මදක් හෝ වැඩි ගෞරවයක් තිබෙනවා තමයි. හැබැයි මම ඔබට ප්‍රියවීම ඇරබෙන්නේ ඒ වෘතීය සමාජ පිලිගැනීම ඔස්සේ නම් නොවේයි” මම පැහැදිලි කරන්නට පටන් ගතිමි. “එහෙනම්?” ඇයට දෙබස ඉදිරියට ගෙන යන්නට අවශයව ඇතිවා සේය. ” මම් ඔබේ දැනුමට කැමතියි. ඒ වාගෙම ඒ දැනුම ඔස්සේ ඔබ තුල ගොඩ නැගෙන විනයට මම තවත් කැමතියි.” ඇය පිලිබදව මාතුලවන ගෞරවය මිශ්‍රිත බැදීම පැහැදිලි කරන්නට උත්සාහ කලෙමි. “ජීවය කියන්නේ හරිම අපූරු දෙයක්. ගස් වැල් මිනිසුන් සතුන් සිව්පාවුන් මේවා හරිම අපූරු නිර්මාන. ඔබ තුලද ඒවා කෙරෙහි වන ආදරනීය හිතවත් කමට මම හරිම කැමතියි. ඉතින් ඒ අපූරු දෑ බොහොමයක් දරාගෙන සිටින අපූරු කඩිසර තරුනියක වීම නිසා අවසාන ලෙසින් මම ඔබට තවත් කැමතියි”. හැකි උපරිම ලෙසින් මම ඇය වෙතට විවෘත වුනෙමි.(33)
