“කෝට්ටේ කළාලේ කිසල්ලේ- දත මැදට ගන්න රාලේ”
ක්‍රි.ව. 1549 වන විට පෘතුගීසීන් කෝට්ටේ රාජධානියේ බෞද්ධ වෙහෙර විහාර හා භික්ෂූන් වහන්සේලාට එරෙහිව කටයුතු කරන්නට වීම බහුල වෙන්නට පටන් ගනී. සමාන්තරව දළඳා වහන්සේගේ අනාරක්ශිත බව ද වැඩිවෙන සමයක එවකට දිය වඩන නිළමේ වරයා ලෙසට කටයුතු කරමින් සිටි හිරිපිටියේරාළට දිනක්  පෙනුනු සිහිනයදී පෙනී සිටි අයෙක් මෙසේ කව් පදයකින් උපදෙස් ලබා දුන් බවට සඳහන් වේ. මෙහි අදහස ලෙසට පැහැදිලි කෙරෙන්නේ තව දුරටත් කෝට්ටේ රාජධානිය කෙරෙහි බලාපොරොත්තු තැබිය නොහැකි නිසා දළඳා වහන්සේගේ ආරක්ශාව සදහා රට මැද ආරක්ශිත පෙදෙසකට වැඩම කරවන ලෙසටයි. තත්වය තේරුම් ගන්නා දියවඩන නිළමේතුමා කෘතීමය නිමවා තිබුනු දළඳාවක් කරඬුවේ තැන් පත්කර සැබෑ දළඳ වහන්සේ සගවා ගෙන විත් එවකට සීතාවක රාජධානියේ පාලකයාව සිටි මායාදුන්නේ රජතුමාට භාර දුන් බවට පිලි ගැනේ.
දළඳා වහන්සේ සීතාවකට වැඩම කිරීමත් සමගම මායා දුන්නේ රජතුමා මුළු ලංකාද්වීපයේම අගරජතුමා ලෙසට පිලි ගැනීම සිදුවූ අතර දළඳ වහසේ මහත් පුද පූජා සහිතව ප්‍රදර්ශනයට කටයුතු කල බව කියවේ. මයාදුන්නේ රජතුමා විසින් වර්ථමාන තල්දූවේ සෝමාරාමය පිහිටි කඳු ගැටයේ දළඳා මන්දිරය ඉදිකරන තෙක් මානියම්ගම රජ මහා විහාරය භාරයේ තැන්පත්කොට තිබූ බවට සඳහන් වේ.