දැනුම තව දුරටත් අගමික කාරනාවක් නොවීම සේම පසුකාලීන භුක්තිවිඳි දේශපාලනික ස්වභාවයේ නොවීමද මග හැරිය නොහැකි ඇත්තකි. එය වෙළඳ පොලට විත් ඇති සේවාවක් පමනි. මෙවන් පරිසරයකදී රජයකට හැකිවන්නේ ඒවායේ ප්‍රමිතිය ‍රැකීම හා අනෙකුත් නෛතික හා සදහාචාරාත්මක වටිනාකම් පවත්වාගෙන යාම පමනක් වීම පැහැදිලිය. ගැටලු පැමිනෙන්නේ එම යුතුකම් නිසිලෙස ඉ‍ටු කරන්නට රජයන් අසමත්වීමෙන්ම පමනක්ම නොවේ. පෙර කී ව්‍යුහතුල තත්වයන් පවත්වාගෙන යාම පදනම් ව නීමාණය වී ඇති සමජ, ආර්ථික හා සංස්කෘතික අවකාශයන්ගේ විරෝධතවයන්ද ප්‍රබල වීමය. ඔවුන් තම සංස්ථාවල මතවාදී හා ක්‍රමවේදවලට අවශ්‍ය යාවත්කාලීනයන් නිර්මාණය කරගන්නවා වෙනුවට පහසු ආවේගශීලී විරෝධතාවයන්ට පිවිසේ. එක දෙසකින් දැනුම යාන්ත්‍රික වීම මෙන්ම ඒවායේ භාවිතාවේ ප්‍රවීන බවත් වෙගයෙන් යාන්ත්‍රික වෙමින් ඇති අතරම අනෙක් දෙසින් පෙර වටිනාකම් මත පැවතීම ඉල්ලා සිටිම වඩාත් මාරාන්තික වෙමින් තිබේ.
– Pubudu Siriwansa