දැරනියගල නගරයට කිලෝමීටර එකක් පමන දුරින් සාතාවක ගඟ අසල සුන්දර කදු ගැටයක් මත ඓතිහාසික දැරනියගල සමන් දේවාලය පිහිටා ඇත. කඳු පංතියෙන් වටවූ ගම හෙයින් අතීතයේදී කඳු මැදගම ලෙසට හැදින් වූ බවටයි සටහන් වෙන්නේ. සීතාවක රජවරු ආරක්ෂාව පිනිස දැරනියගල නගරය බිහිකල අතර ක්‍රි.ව. 1551දී පෘතුගීසී ආක්‍රමනයේදී මායදුන්නේ රජතුමා දැරනියගලට පලා ගිය හ. තවත් පුවතකට අනූව කිය වෙන්නේ ගඟ දිගේ ගසාගෙන පැමිනි විශාල දැව කඳක් සිරවීමෙන් සංවතුරක් ඇති වුන බවත් රජතුමන් මැදිහත්වීමෙන් එම දැවකඳ කප හැර දෙවියන්ගේ ශාමශැරය පිහිටි ස්ථානයේ දේවාලය කරවූ බවට “දේව පුවත” නම් පුස්කොල පොතෙහි සන්දහන්ව ඇත. අදද සාන් දෙවියන් වෙනුවෙන් පුද සත්කාර කිරිම සදහා දහස් ගනනක් බැතිමතුන් මෙම ස්ථානයට රැස්වන අතර සමන්දෙවියන් වෙනුවෙන් ඉදිව ඇති ප්‍රධාන දේවාල සතරෙන් එකක් ලෙසට මෙම දේවාලය සැලකේ. වාර්ෂික ඇසල උත්සවය අති උත්කර්ෂවත් අයුරින් අදද සැමරීමේදී ඇලි ඇතුන් හේවිසි නැටුන් කන්ඩායම් අමග වීදි සංචාරයකරනු ලබයි.
