මැණික් පවුලේ ඉහලම සාමාජිකයා දියමන්ති ය. දැඩියාව සහ සෙසු ලක්ෂන වලින් ඉහලින්ම ගනන් ගැනෙන දියමන්ති ලොව ඇති වටිනාම ඛනිජය ලෙසද සැලකේ. දියමන්තියක් අගේ කෙරෙන්නේ වර්නය, පිරිසිදුබව, බර සහ එය කපා ඔප්දමා ඇති ආකරය අනූවය. දියමන්ති සාමන්‍යයෙන් අවර්ණය. එසේම කහ දුඹුරු රෝස කොල තබිලි නිල් ආදී වර්ණ සහිත දියමන්තිද හමුවේ. දකුනු අප්‍රිකව, නැමීබියාව, සිම්බාන්වේ, ඉන්දියාව, බ්‍රසීලය, ඔස්ට්‍රේලියාව සහ පැරනි රුසියාවට අයත්ව තිබුනු රටවල් වලින් දියමන්ති හමුවේ.
කරුනු මෙසේ උවත් ලංකවේද දියමන්ති හමුවන බව වැඩි දෙනෙක් නොදනිති. එවා මැනික් මෙන් මහුලව හමු නොවන නිසා එතරම් ප්‍රසිද්ධෛයක් නැත. අනෙක මැණික් අඩවියෙහි බහුතරයක් ජනයා දියමන්ති හඳුන අගැනීමට නොදනිති.
රත්නපුරයේදී මුන ගැසෙන රන්ත විද්‍යාඥයන් සහ හැපුම් කරුවන්ද, ඇතැම් ව්‍යාපාරිකයන්ද මේ දියමන්ති ගැන මැනවින් දනිති. රත්නපුරය අවට දියමන්ති හමුවන්නේ බලංගොඩ, කුරුවිට, පැරඩයිස්, කොලොන්න සහ ඇඹිලිපිටිය යන ප්‍රදේශවලනි. කොලොන්නෙන් හමුවන දියමන්ති සුදුපැහැතිය. ඇඹිලිපිටියේ දියමන්ති අඳුරු රත් පැහැතිය. මේවා හමුවන්නේ දුරාවාරයේය.
– පොත පත ඇසුරෙනි