මැණික් ගැරීම පිනිස දුර බැහැර ගොසින් එන අය නිතරම පාහේ කරදර ගැන කථා වෙති. එහෙ කරදරද? කරදර නැද්ද? යනුවෙන් විමසා බලති. මාතලේ දිස්ත්‍රික්කයට අයත් ඇලහැර සහ කළු ගඟ මොනරාගල දිස්ත්‍රික්කයට අයත් ඔක්කම් පිටිය නක්කල වැනි කැලෑ බද්දර ප්‍රදේශවල පතල් කපන්නේ අනවසරයෙනි. ජනතාව ඒවා හඳුන්වන්නේ හොර පතල් යනුවෙනි. බලධාරීන්ගේ අවසරය සහිතව කෙරෙන පතල් ලයිසන් පතල්ය. හොර පතල් වටලා අනවසර ගැරුම්කරුවන් අත්වඩංගුවට ගැනීම පොලිස්සියේ රාජකරියයි. මේ නිසා පොලිස්සියන් පනින වාරයක් වාරයක් පාසාම දුව දුවා වැඩ කිරීමට ඔවුන්ට සිදුවේ. ඒවා දුවන පතල් යැනුවෙන් උපහාසාත්මකව හඳුන්වති.
පොලිස්සිය පමනක් නොව මැණික් අධිකාරියේ නිලධරීන්ද හොර පතල් අල්ලන්නට යති. එවිට සැගවී සිටින ඔත්තුකරු හූ කියති හූ හඬ ඇසුනු විගස අතට අසුවුනු කුමක් හෝ පතල් ආයුධයක් හෝ උපකරනයක් ‍රැගෙන පැන දිවීම හොර පතල් වල සම්ප්‍රධායයි. දැන්නම් ඒවා කෙරෙන්නේ ජංගම දුරකථනවල සහයෙනි. හොර පතල් සොයා මැණික් අධිකාරියෙන් හෝ පොලිස්සියේන් පැනිල්ල ජනවහරට එක් වී ඇත්තේ කරදර යනු වෙනි.
ජනවහරේ එන හැටියට මැණික් පතල් වර්ගද කිහිපයක් වේ. එතරම් ගැබුරට නොවිහිදෙන පතල් ගොඩ පතල්ය. තට්‍ටු හතලිය පනහක් සවිකර ගැබුරට හාරන පතල් ගැබුරු පතල්ය. ඇතැම් ගැබුරු පතලයක දෝනා හෙවත් පොලව යටින් දිවෙන උමංද කපති. එවිට ඒවා දෝනා පතල්ය. රත්නපුර දිසාවේ පැල්මඩුල්ල කුරුවිට නිවිතිගල පානගම දෑල ගලතුරේ සහ හතර භාගේ යන ප්‍රදේශ කවදත් ගැබුරු පතල් වලට ප්‍රසිද්ධය.
පතලක් ගැබුරින් වැඩි වන විට එහි කනින පස් මතුපිටට ගෙන ඒම සදහා දබරයක්(කප්පියේ මූලධරමය පදනම් වූ) සවි කෙරේ එවිට ඒවා දබර පතල්ය. පොලව යට වැලි අදික පතල්, වැලි පතල්ය. හාරා වසා දැමූ පැරනි පතල් පුහු පතල්ය. පතලක් කැපීමේදී ඊට පලපුරුදු පත කරුවන් හය දෙනෙකු අවශ්‍යය. එසේ නැතුව නුපුරුදු කරයන් සමග පතල්කපන්නට බැරිය. ඒසේ වු විට අනික් අයට වැඩි පුර වෙහෙසෙන්නට සිදුවේ. එවිට නහින පතල් කියා කියති.
ඇතැම්හු වතුර අඩු නොගැබුරු ස්ථාවල සම්මත දිග – පලලින් තොරව පතස් හාරති. පතස්ය කියන්නේ මහා පරිමාන වලවල් සේ කනින පතල් වලටය. දෙදෙහස් පහ වසරේදී බැකෝ යන්ත්‍රද යොදා ගනිමින් හැටන්, බගවන්තලාවේ පතස් කැනීම මහත් ආන්දෝලනයකටද තුඩු දුන්නේය.
– පොත පත ඇසුරෙනි.