දේවත්වය මෙන්ම යක්ෂත්වය සමහර විටක මිනිස් ස්වභාවයන්ගේම උපරිමයන් උලුප්පාලන්නට භාවිතවන වදන් විය හැක. තවත් විටක මිනිසුන්ට වඩා සූක්ශම සිරුරක් දරන මිනිස් සීමාවන් ඉක්මවා යන හැකියාවන් ඇති වඩාත් ඉහල හෝ පහල ජීවයක්ද විය හැක. සත්‍ය කෙසේ වුවද අතීතයේ පටන් මෙම දේවත්වයන් ගෙන් මෙන්ම යක්ෂත්වයන්ගෙන් පුරාන සිදුවීම් ආශ්‍රිත වී ඇත. මැදගොඩ සත්පත්තිනි මෙන්ම කඹුලුමුල්ල දේවාලයන් ආශ්‍රිතව “ගනේගොඩ” දේවත්වයක් නිතර සදහන් වේ. මෙම දේවත්වයට පෙර එම ආත්මය යක්ෂත්මයක්ද දරමින් සිටි බවට අතීත සටහන් විස්තර කර දේ. සීතාවක රාජ සිංරජු මරනයෙන් පසුව මෙම දේවාත්වයට පත්වූ බවට මෙම සටහන් පවසයි. වරක් කෝට්ටේ සත්වන බුවනෙකභාහු රජතුමන්ගේ අග බිසවට මෙම රාජ සිංහ රජුගේ දේවාත්මට පෙර වූ යක්ෂාත්මය වැසුනු බවත් යන්ත්‍ර, මන්ත්‍ර දන්නා හිමිනකගේ පිහිටෙන් එම උවදුරෙන් මිදුනු බවත් සදහන් වන අතර පසුව මායාදුන්නේ රජතුමන්ගේ අග බිසවටද මෙම යක්ෂාරූඩය පැමිනි බවත් පෙර කී භික්ෂුව ඇයවද එම උවදුරෙන් ගලවා ගන්නට කටයුතු කල නිසා එම යක්ෂ ආත්මය මායා දුන්න අග බිසවගේ කුසෙහි දරුවෙකු ලෙසට පිලිසුඳ ගත් බවටත් කියවේ. මෙසේ උපන් එම දරුවා “ටිකිරි රජ්ජුරු” නමින් බන්ඩාර නම්වූ අතර රාජසිංහ රජු සතුවූ මේ අසාමාන්‍ය බලය මෙම යක්ෂ මායාමය බලය හැටියටත් සමහරුන් අර්ථ දක්වන්නට පෙලබේ. පසුකාලීනව සිදුවූවායි සැලකෙන සංඝයාවහන්සේ පන්සිය නමක් “කනා මැදිරි වලේ” ගිල්වා දැමීමට මෙමද මෙම වෛරය බලපෑ බවට එම ජනවහර පැහැදිලි කර දේ.