දේශපාලනය විශාලතම සාමූහික ක්‍රියාව වේ. ඔබ මා එකග වුනද නොවුනද උප්පැන්න සහතිකයේ සිට මරණ සහතිකය දක්වා ලේඛන ගත වීමේ සිටම මේ සාමුහික ක්‍රියාවේ සමාජිකයන් වේ. එසේම මෙම ක්‍රියාවලිය ස්තිථිකද නොවේ. ක්ශනික කාලගුන වෙනසක සිට සංස්කෘතික, ඓතිහාසික පසුබිම දක්වාම වන නෙක සාධකයන් මත වරනැගෙන සංකීර්න ක්‍රියාවලියකද වේ. තවත් අතකින් පුද්ගල මට්ටමේ සිට රටවල් ආකාර දක්වාම මෙම ක්‍රියාන්විතයන් හුදකලාද නොවේ. තවදුරටත් “රට” ලෙසට අර්ථ දැක්වෙන සීමාව ලොව වැසියන් කිසිවෙකුත් පාලනය වන සරල සීමාවද නොවීම මේ යුගයේදී පරම සත්‍යයකි. අවශ්‍යනම් මේ සත්‍යයයන් අමතක කර කටයුතු කල හැකි මුත් ඒවා අප වෙත බලපෑම නම් මග නොහැරෙනු ඇත.
අප භෞතිකව යාවත්කාලීන වන වේගය හා සැසදීමේදී සංස්කෘතිකව යාවත්කාලීන වේගය බොහෝ විට ශූන්‍යයට ආසන්නව නිතරම පවත්වාගෙන යාමට කැමතිව ඇතුවා සේය. ඉදහිටක මේ සංවෘත ස්වභාවයට ලිහිලක් ලෝකය දෙසින් පැමිනෙන්නේ වඩාත් දියුනු, කාර්යක්ශම, සාධාරන දේ සමග නොව වඩාත් ආවේග බහුල ප්‍රාථමික ස්වභාවයේ ඒවාට වීම සුලබව අප අත්විඳින්නෙමු. නිරෝගී ජීවිත අවකාශයක් නිර්මාණය වන්නට ජාතිය, ආගම වැනි සාධක පරම අවශ්‍යතාවයක් වුවද, අදක්ශ දේශපාලනික හා අර්ථික ව්‍යාපෘති සදහා උත්තේජක ලෙසට භාවිතාවීම රට, ජාතිය, ආගම විනාශ වීමේ ක්‍රියාවලියට සාර්ථකම දායකත්වය වේ.
– Pubudu Siriwansa