උඩරට පාලනය කල කරලියැද්දේ බංඩාරගේ දියනිය, ඇය රාජසිංහ රජු කන්ඳ උඩරට රාජධනිය ආක්‍රමනය කල අවස්ථාවේ තම පියා සමග තිරිකුනා මලයට පැමිනියහ. එතැනින් ඇයත් තම පියාත් ගෝවේ පෘතුගීසීන්ගේ ‍රැක වරනය පතා ඉන්දියාවට ගියහ. එහිදී ක්‍රිස්තියානි ආගම පිලිගත් ඇය කුල කාන්තාවක් වශයෙන් සැදී වැඩී පසුව දෝනකැතරිනා යන නමින් ප්‍රසිද්ධ විය. ඒ නම පෘතුගාලයේ ‍රැජිනගෙ නමයි. මීට කලින්ද පෘතුගීසීහු කන්ද උඩරට තමන්ට අවනත වූ පාලකයෙක් රජකරවීමට ප්‍රයත්නයක් ගත්හ. ඒ මෙසේය. කරලියැද්දේ බංඩාරට ඥාති පුත්‍රයෙකු වූ යමසිංහ බන්ඩාර මේ සදහා ඔවූහු තොරා ගත්හ. යම සිංහ බංඩාර ක්‍රිතියානිය වැලඳ ගෙන දොන් පිලිප් වශයෙන් හැඳින් වින. ඔහුද ගෝවේ පෘතුගීසීන් යටතේ සිටි කෙනෙකි. මේ තැනත්තා පෘතුගීසීන් විසින් සිංහල බටයන්ද කැටිව කන්ඳ උඩරට පාලනය කල නමුත් වැඩි කලක් යන්නට ප්‍රතම ඔහු මියගියේය. මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් ඔහුගේම ආරක්ශක භටයෙකු වශයෙන් සිටි කොනොප්පු බංඩාර නැමති සිංහල වීර පුරුෂයෙක් පසුව කන්ද උඩරට බලය අල්ලාගෙන විමලධර්ම සූරිය නමින් රජ විය. බලපොරොත්තු නොවූ මේ සිද්ධියෙන් බලවත් කෝපයට පත් පෘතුගීසීහු ඔහු “කන්ද උඩරට ද්‍රෝහියා” වශයෙන් හැඳින් වූහ.
මේ “කන්ඳ උඩරට ද්‍රෝහියා” හෙවත් කොනප්පු බංඩාර ලංකා ඉතිහාසයේ වීරයින් අතර ගෞරවනීය තැනක් හිමිකරගත් අද්භූත පුද්ගලයෙකි. ඔහු කරලියැද්දේ බංඩාරගේ හිතවත්ම වීර පුරුෂයෙක් විය. රාජසිංහ රජු සමගද සටන් වැදුන වීර පුරුෂයෙකි. එහෙත් පසුව ඔහුද කරලියැද්දේ බංඩාරයන් සමග ගෝවේ නුවර ගොස් පෘතුගීසීන් සමග කලක් ජීවත් විය. එහිදී ඔහු යුධ ශිල්පය හොඳින් ඉගන ගති. හැඩි දැඩි දේහයකින් යුතු වූ නිසා ශරීර ශක්තියෙන්ද අසම සම විය. වරෙක් අති දක්ෂ පෘතුගීසි විරුවෙක් සමග ද්වන්ද සටනකින් ජය ගෙන පෘතුගීසීන් ගේ ගෞරවයට භාජනය වී “දොන් ජෝන් ඔෆ් ඔසිට්‍රියා” යන නම්බුනාමය ද ලබ සිටියේය.
-පොත පත ඇසුරිනි