සමාජවාදය, ධනවාදය වැනි න්‍යායය අද වන කොට භාවිතා කරන්නට ඇති උපකරන මිසක පූජනීය කාරනා නොවෙයි. මම හිතනවා ඔනෑම සාර්ථක රකදී මේවා අවස්ථානකූලව ප්‍රායෝගිකව භාවිතා වෙනවා. නමුත් ලංකාවේදී තවමත් මෙවා දෙස බලන්නේ පූජනීය ලෙසටයි. ඉතින් ඒවා භාවිතාකරනවා වෙනුවට ඒවාට රටවැසියන්ව පාලනය කරන්නට ඉඩ හරිනවා. අවසානය බොහෝ විට හරිම ශෝචනීයයි. ඒවා යේ භාවිතාවේ ඇති දුර්වලකම විසින් නැවත නැවතත් රට ආර්ථෛක, දේශපාලනිකව පමන්ක් නොව සංස්කෘතිකවත් එකතැන කැරකෙන බවට පත්කරලා. ඉතින් කලකට වරක් නෙක මුහුනු වරින් එන සමූල ඝාතනය වැනි ම්ලේඡ්චත්වයන් රටේ නිවාර්ය ඉරනම බවට පත්වේලා.
ලංකාව කියන්නේ වැඩවසම් මාදිලියෙන් අනතුරුව යටත්විජිත බලහත්කාර සංශෝදන වලින් තෙම්පරාදු වුන රටක්. අපි ක්‍රමානුකූල ලෙසට සලකන එකම ක්‍රමයකින් වත් අත්පත් කරගත් හෝ සාර්ථකව ඇතුලු වුන දේශපාලනයක් නැහැ. ගෝත්‍රික ඇර්ථවල සිට අතිශය දියුනු ලිබරල් දක්වා සියළු දේශපාලනික “මෝස්තර” භාවිතාකරමින් සිටිනවා. හැබැයි කාගෙන් හරි විමසුවොත් උත්තර ලැබෙන්නේ ඒවායේ න්‍යායාචාර්ය වරුන්ටත් යලිත් ඉගන ගන්නට වෙන තරම් සංකීර්න අර්ථ්වලින්. ඒත් ප්‍රායෝගිකව අමාරුවෙන් සවිංඥානිකව නඩත්තු කරගෙන සිටින වටිනාකම් චුට්ටි නින්දකින් පවා කැඩී සැබෑ නොදියුනු අර්ථවලට යැවෙන්නේ ක්ශනයකින්. කොටින්ම අපිට දියුනු දේශපාලනය යනු “මෝස්තරයක්” පමනයි.
– Pubudu Siriwansa
