පතල් තිහ – හතලිහක් කෑපූ පතල් පොලක නන්තිරම ගැන නිතර නිතර කියැවේ. පතලක දී හරා ගත්ත නොහැකිව ඉතිරිවන ඉල්ලම් නත්තිරම්ය. පොලවේ මතුපිට ස්වරූපය කොතරම් වෙනස් වුවද එසේ ඉල්ලම් ඉතිරි වූ – නත්තිරම් පතල් කරුවන්ට කිසිසේත්ම අමතක නොවේ. යම් පතලයක හතර පැත්තේම පතල් හතරක ඉඩ ප්‍රමානය එම පතලයට අයිතිය. එය නත්තිරම් හතර නමින් හැඳින්වේ. වසර 25- 30 තරම් පැරණි නත්තිරම් සොයා යන උදවියද හිඟ නැත. නත්තිරම කපනවා , නන්තිරමට වල දැම්මා යනු වෙන් ඒ ගැන විස්තර කෙරේ. අනුන්ගේ නත්තිරමක් කැපීම නීති විරෝධීය. එවන් අවස්ථවලදී නන්තිරම තහනම් කරවීමට පුළුවන.
පතල් පොලක් බලා කියා ගැනීමට පත්කල තැනැත්තෙක්ද වෙයි. හේ කුමතේරුවාය. අද කුමතේරුකාරයෝ වෙනු වට සිටින්නෝ මැණේජර්ලාය. ඔහුගේ රාජකාරිය වන්නේ පතල් වල ඉල්ලම් ගැනීම ගැරීම වැනි කටයුතු ගැන විපරමින් සිටීමයි. එසේ නොකලහොත් කොයි මොහොතක හෝ වටිනා ගලක් බකයා ගහ ගැනීමට හෙවත් සොරකම් කර ගැනීමට ඉඩ ඇත. මේ කටයුත්ත ජනවහරේ එන්නේ කුමතේරු කරනවා, කුමතේරුවට එනවා යනුවෙනි.
මිනිහා දැන් අහවල් මුදලිගේ පතල් මැනේජර ආදි වශයෙන් ඇතමුන් කියන්නේ කුමතේරුකාරයන් ගැනය.
සැම ඉඩමකම මැනික් ඉල්ලම් නැත. මැණික් ඉල්ලම් ඇති ඉඩම් මැණික් ඉඩම්ය. ඇතැම් මැණික් ඉඩම්වල ඉල්ලම ඇත්තේ පොලව මතුපිට කුනු පස් තට්‍ටුවක් සමගය. ඒවා ගොඩ ඉල්ලම්ය. ඇතැමුන්ට උඩ ඉල්ලම්ය. යට ඉල්ලමාඩි 10 -20 සහ ඊටත් වඩා ගැබුරින් පිහිටයි.
– පොත පත ඇසුරෙනි