“අපි ප්‍රායෝගිව දන්නවා පිටසක්වල වගේ වදන් භාවිතාවන් අපට ගෙනෙන්නේ අද්භූත අර්ථයන්. මුහුන මැද්දේ ඇසක් තියෙන මිනිසුන් වගේ සංකල්ප තුල තමා මේවා තේරුම් ගන්නට උත්සාහ කරන්නේ. මම් මේවා දකින්න කැමතියි ටිකක් වෙනස් විදිහකට. අපේ දෛනික ජීවිතය විසින් අවදිනොකරගෙන සිටිනා වෙනස් ආකාරයේ හැකියා රටාවන් අපිතුලම තියෙනවා වන්නට පුලුවන්. හරියට දෛනික ජීවිතයට අදාල නොවන ඇල්ගෝරිතම් වගේ දෙවල් කියලා අපි මේ බව තේරුම් ගම්මු. හොඳයි මම මේ විදිහට යෝජනා කරන්නම් මීට වසර දහස් ගනනකට එහා පැත්තේ මිනිසුන්ට පරිගණකයක් නිපදවාගැනීමේ හැකියාව නොතිබුනාමද නැතිනම් අවදි නොවී තිබුනාද වගෙ ප්‍රශ්නයක් මෙම නගන්නම්…” එම දේශකයාට අවශ්‍යව තිබුනේ මෙවන් අපූරු හැකියාවන් වඩාත් අද්භූත කරනවාට වඩා ප්‍රායෝගික බව ඔප්පුකර සිටින්නටය. ඔහු අවසාන වශයෙන් විසිතුරු බුද්ධිතර්ජනයකට පිවිසුනේය. “ඔබ හිතන්න එපා අප මහා බලවතුන් කියලා. මේ පෘතුවිය මත තියෙන මූලද්‍රව්‍ය කිහිපයක් වෙනස් කර ගන්නට හැකිවුනාට, අප අවට වන සජීවිව්ව් අජීවී ලෝකය මදක් පාලනය කර ගන්නට පුලුවන් උනාට අපි තවම ජීවත් වන්නේ නොදන්නා කම රජයන දේවල් වලින් පිරුන වට පිටාවක බව. සොබා දහමේ තියෙන බොහොමයක් බලවේගයන් හමුවේ අපි තවම අන්ත අසරනයි. අපි භාවිතකරමින් ඉන්නට විද්‍යාවන් බොහොමයක් තුල තියෙන්නේ තවමත් අපේ උත්සාහයන් ඉදිරියේ වලංගුව පවතින ගොඩ නගා ගැනීම් මිස අන් කවරක් වත් නොවෙයි. වරක් මහා විද්වතෙක් පැවසූ අපූරු කියමනකින් මගේ මේ වාචික සටහන අවසන් කරන්නට කැමතියි. ඒනම් අපි තවමත් නොදන්නා දැනුම කියන අනන්ත මුහුද අද්දරක වෙරලේ වැලිබත් උයමින් ඉන්න කුඩා දරුව්න් පිරිසක් පමනයි.”(20)
කෙමෙන් මීදුම් සළු කඳුවැටිය මතට පැමිනෙමින් තැනින් තැන නෙත් මානයෙන් දුරස් කරන්නට තැත් කරනවා වැනිය. මෙවන් අපූරු සෑදවන් කොතරම් පෙර කී මිතුරිය සමග ගෙවී ගොස් ඇත්දෑයි මතකයට මානනය කර ගත නොහැකි තරම්ය. ලොව නෙක විෂයන් කොතරම් ප්‍රමානයක් මත්තේ අප දෙබසින් ඇවිද ගොස් ඇත්දැයි ගනනය කර ගත නොහැකි තරම්ය. වෛද්‍ය විද්‍යාව ඇගේ ප්‍රියතම විෂය විය. කලාව, දර්ශනය වැනි නෙක විසිතුරු මාතෘකාද අපට ආගන්තුක නොවීය. අධික සීතල සැදෑවල් වලදී අප කුඩා ගිනිමැලයක් අවුලවා ගන්නට කටයුතු කරයි. එම නගරයේ පාලන යාන්ත්‍රනය විසින්ම එම පෙදෙසට පැමිනෙන අමුත්තන් සදහා එම පහසුකම් සූදානම් කර තබන්නට කටයුතු කර තිබිනි.
ජීවවිද්‍යාව කවදත් මා ප්‍රිය කල විෂයක වූවාය. නෙක ජීව රටා ක්‍රියාත්මක වන යුරු නිරීක්ශනාත්මකව බලාසිටීම විසිතුරු අත්දැකීමක්ව පැවතින. නෙක ආකාරයේ ජීව කාන්ඩ වන යුරු. ඒවායේ පදනම්. සමහර සුවිශේෂී කොටස් වල වන අපූර්ව ලක්ෂන වැනි විසිතුරු තොරතුරු ඇය වෙතින් ගලාන එන්නේ වඩාත් සිත්ගන්නා ගැලපුම් උදාහරනද සමගිනි. ක්ශනයකින් නාට්‍ය වෙදිකාවට පිවිසේ. අපූර්ව නාටකරුවන්ගේ ආවේනික නාට්‍ය වින්‍යාසයන්, මෙන්ම ඒවා අප තුල ඇති කරන නෙක පැහැ ගත් හැගීම්…. නිම නොවන චාරිකාවක් බඳු මතකයකි එය. එය විසිතුරු මිනිසුන් දෙදෙනෙකුගේ එකි නෙන හමුවීමකි. විෂයන් මත අපහසුවෙන් හිඳිමින් නොව ඒවාට මදක් ඉහලින් වන නිදහස් තලයක සිට ඒවා දෙස බලා සිටින්නට, නැවත නැවත ඒවා විමසන්නට තැත්කිරීම මහත් ආශ්වාද ජනක අත්දැකීමකි. අපගේ හමුව විමසන්නට දින සටහනෙහි දිනක් සදහා වෙන් කර ඇති ඉඩ ප්‍රමානය ප්‍රමානාත්මක නොවිනි. හෙට දිනයට ඇති ඉඩකඩ ඒ සදහා භාවිතාකිරීම හෙට දිනයට කරන අසාධාරනයක් වනු ඇති බවට මට සිතිනි. ඉතා අපහසුවෙන් වදන් කිහිපයකට ඒවා ගොනු කෙරුවෙමි. “ප්‍රියයන්ගේ හමුවිම් ඉමහත් ප්‍රිය ජනක අත්දැකීමකි” ලෙසටය ඒ.(21)

By Pubudu Siriwansa