ස්වාභාවික පරිසරය තවමත් මිනිසාගේ ප්‍රධාන හිතවතාය. තම ගෙවත්තේ පමනක් නොව නිවසේ පවා තවමත් ගස්වැල් වලට ඉඩක් හිමිවන්නේ එබැවිනි. හදාරන්නන් පවසන්නේ ආහාරය, ඖෂධීය, විසිතුරු බවට පමනක් නොව තම ජීවී මිත්‍ර පරිසරය සදහාද තවමත් මේවායින් වන සේවය අසම සම බවයි. නිවසේ වන විස පරිසරයක් බොහෝ හේතු සාධක මත නිර්මාණය විය හැක. නිවාසයට ආලේප කරන සායම්, දැව ආරක්ෂන ආලේප, සේදුම් ද්‍රව්‍ය හා පවිත්‍රකාරක විෂබීජ නාශක, ඇලවීම් සදහා ගන්න ගම් වැග, තීන්ත හා තවම බොහෝ රසායන ද්‍රව්‍ය නිසා අප අවට වායු ගෝලයට අහිතකර අංශූන් එක්වීමට ඉඩ ඇත. මේවා නිසා කැස්ස, කිවිසුම් යෑම, කෑසීම, පළු දැමීම, ශ්වසන රෝග වැනි ක්ශනික මෙන්ම දිගුකාලීන අසාත්මිකතාත් ඇතිවිය හැකි බව පවසන ඔවුන් මීට පිලියමක් ලෙසට භාවිතාකල හැකි ශාක වර්ග බොහොමයක් යෝජනා කරන්නට කැමති වෙති. වසර 4000කට පමන පෙර කාලයේදී පවා චීනුන් ගෘහ අලංකරනය සදහා කුඩා තැටිමත ශාක හා පැලෑටි වගාකල බවට සාක්ෂි ඇත. ක්‍රි.පූ 610 දී තිබීයැයි සැලකෙන බෑබිලේනියාවේ එල්ලෙන උද්‍යානය ඊට තවත් නිදසුනකි. නාසා අයතනය පවා 1980 දශකයේ සිට ගෘහස්ථ පැල පිලිබඳව තම අවධානය යොමුකර ඇත්තේ අභ්‍යාවකාශ මධ්‍යස්ථානවලදී වාතය පිරිසිදුව තබා ගැනීම සදහා මේවා සාර්ථකම පිලියමක් ලෙසට පිලිගන්නා බැවිනි. පරිසරයේ ඇති වාෂ්පශීලී කාබනික අපද්‍රව්‍ය උරා ගැනීමෙ අහැකියාව ඇති පෑලෑටි රැසක් හඳුනා ගන්නට කටයුතු කොට ඇත. මේවා අතර කෝමාරිකා, ඉස්පයිඩර් ප්ලාන්ට්, ජර්බෙරා ඩේසි, ස්නේක් ප්ලාන්ටි, ඩ්‍රැසීනා …වැනි බොහොමයකි. මේවා පිලිබඳ තොරතුරු බාලාපොලොත්තු වන්න.
පත පොත ඇසුරිනි.
