අවිස්සවේල්ල සීතාවක ඉතිහාසය සොයා බලන්නන් අතර ඉමහත්ම අවධානය ලබ ගන්නා ස්ථානයක් වන්නේ ඓතිහසික මානියන්ගම රජ මහා විහාරයයි. සිතාවක රජධානියක් ලෙසට ස්ථාපනය වන්නටද වැදගත්ම සාධකයක් වන්නට ඇතැයි ලෙසට සැලකෙන එම පූජා භූමිය සීතාවක රාජධානී යුගයෙන්ද ඔබ්බට විහිදෙන්නෙකි. වලගම්බා රජතුමන් තම සතුරු සේනාවන්ට එරෙහිව සංවිධනය වන්නට වූ කාලයේ සැඟව සිටි ස්ථානයක් ලෙසට සැලකෙන මෙහි ඉන් අනතුරුව තම නැවත රාජාභිශේකයෙන් පසුව මෙහි පුදබිමක් ලෙසට නැංවූ බවත් පසුව මහනුවර සමයේදී වඩාත් ක්‍රමවත්කර දැනට පවතින පුරාන විහාරස්ථානය කල බවටත් සැලකේ. මෙහි එන එක් පුරාවෘතයකට අනූව රාජසිංහ රජතුමන් මෙන්ම මයාදුන්නේ රජතුමන්ගේද ගෞරවාදරයට පත්වූ මෙහි එකල විසූ ප්‍රධාන ස්වාමීන්වහන්සේ මෙම නරවිරුවන් දෙදෙනාගේම වේලපත්කඩ සකසන්නට දායක වීම හා ගුප්ත ශාස්ත්‍රයේ මනා නිපුනත්වයට පත්ව සිටීම එයට ප්‍රධාන සාධයකයක් වන්නට ඇති බවට විස්වාස කෙරේ.
නොකඩවා පවත්වා ගෙන එනු ලබන මානියම්ගම කරල් පෙරහැර මේ වන විට 200 වාරයද ඉක්මවා පැවැත්වෙන අතර ලංකවේ පැවැත්වෙන එකම කරල් පෙරහැර බවටද කියැවේ. විහාරස්ථානය පිටු පසින් දිවෙන කඳුයාය ප්‍රධාන මුදුනත් තුනකින් නම් වන අතර රජදවස සිටම ඒවා අශ්‍රිතව පැවතෙන ජනංප්‍රවාදද රාශියකි.ප්‍රාග් ඓතිහාසික යුගයටද නෑකම් කියන “බෙලිලෙනක්” පිලිබඳවද මෙම කඳු වැටිය ආශ්‍රිතව කියැවෙන අතර පොලොන්නරු, අනුරාධපුර යුග වලදී රචිත ග්‍රන්ථවලද මෙම සරුසාර භූමි භාගය පසුකරමින් රටේ අන් දෙසට ගිය පිරිස් විසින් දුටු සංශ්‍රීක බව විස්තර කර තිබේ.
සීතාවක ඉතිහාසය ගැන හදාරන්නන් හා උනන්දුවක් දක්වනන් අතර කථා බහේදී නිතරම පැවසෙන කරුනක් වන්නේ ඉතාම අවාසනාවන්ත ලෙසට මෙම කාලපරිච්චේදය පිලිබඳව කරුබු සොයා බැලීම් , ගවේශනයන් ඉතාම අවම මට්ටමක වන බවයි. බොහෝ ඓතිහාසික ස්ථාන අනාරක්ෂිතව පවතින බවක් පැවසෙන අතර කැනීම් වැනි කටයුතු අවම මට්ටමක වන බව ඔවුන්ගේ අදහසයි. ලක් ඉතිහාසයේ තීරනත්මක සටහනක් තැබූ සීතාවක රාජ්‍ය සමය ආශ්‍රිත තොරතුරු පිලිබඳව මීටවඩා වැඩි අවධානයක් යොමු වේවායි ප්‍රාර්ථනා කරමු.
www.avissawella.com
