අපි මෙහෙම හිතුවොත්. නූතන මිනිසා පෘතුවිය මත වැඩිම සටහන් තබන්නට සමත්වන්නායි. දෙශපාලනික, සංස්කෘතික මෙන්ම ආර්ථික වශයෙන් බොහෝ අලුත් නිර්වචන සමග සමග නෙක ආකාරයේ සටහන් තැබෙන්නට පටන් ගත් කාලයයි. හැබැයි කනගාටුදායකම කාරනය තමයි සංස්කෘතික ඇල්ගෝ එකක පාලනය අත්පත් කරගත් ජීවින් විශේෂයක් ලෙසට කාරනාව එතැනින් නතර නොවීම. ඒ කියන්නේ තවත් කාලයකින් දේශපාලනික, සංස්කෘතික හා ආර්ථික වේදනාව ආරම්භවීම. වරලව කිව්වොත් වැඩියෙන්ම අඩන්න වෙන්නේ සංස්කෘතික මෙන්ම දේශපාලනික අනන්‍යතා මත ජීවිත වටිනාකම් වැඩියෙන්ම තබා ගෙන සිටින්න පුරුදු වූවන්ට. තරංග ආකාර ගලායාමක දී එහි මධ්‍ය රේඛාව වාගේ නැවත නැවතත් භෞතිකය හමුවීම වලක්වන්නට අපට බැරි වෙනවා. පැමිනෙමින් තිබෙන තාක්ෂනික ඇල්ගොරිතම විසින් නිර්මාණය කරන පාලනයට ක්‍රමයෙන් එකගවීම ඒ වගේ කාරනාවක්. සමහර විටක ඔබේ ස්මාර්ට් දුරකතනයේ පලනයට ක්‍රමයෙන් ඔබ නතුවෙමින් තිබීම ගැන අසංවේධී වෙන්නට පුලුවන්. නැත්නම් තෝරා ගැනීමේ අවස්ථාව භාවිතකරමින් ගැලවී සිටිනවාද විය හැකියි. ඒක තාවකාලිකයි. තරමක් විසුළු ආකාරයට කාරනව කිව්වොත් අපේ ආදිතම මුතුන් මිත්තන්ගෙන් කොටසක් අවට ගහ වැලෙන්, සතුන්ගේ සමකින් සිරුර වසා ගන්නට කටයුතු කරන කොට සමහර වැඩි කොටසක්ම කියන්න ඇති මේ මොන විකාරයක්ද කියලා. ඒත් අපි අද දන්නවා වඩාත් සාර්ථක කවුදු කියලා….
– Pubudu Siriwansa
