පත්තිනි දෙවියෝ සීතාවක හා කෑගල්ල දිස්ත්‍රික්කයේ පුරා ජනප්‍රිය දේව වන්දනාවකි. ඉන්දියාවේ දේවත්වයට පත්ව පුද පූජා ලැබූ දේවතාවයකි.ගජබා රජතුමා ඉන්දියාවට ගොස් (ක්‍රි.ව. 112-134) කාලයේ ලංකාවෙන් ගෙන ගිය සිරකරුවන් 12000 හා තවත් ද්‍රවිඩ සිරකරුවන් පිරිසක්ද පත්තිනි සලඹද රැගෙන ආවේය. නැව කුනාටුවකට ගසා ගෙන විත් කැළණි ගන්ග අසබඩ වර්ථමාන නවගමුව පත්තිනි දේවාලය පිහිටි ස්ථානයේ නතර වූ බව සදහන්ය. නාගයන් පත්තිනි සළඹ රැකවල් කල හෙයින් නවගමුවේ පත්තිනි දේවාලය ඉදිකල බව ජනප්‍රවාදයකි.
මතු බුදුවන පත්තිනි දෙවියෝ ලෙඩ දුක් අධ්‍යාපන කටයුතු රැකී රක්ෂා හා වෙළඳ ව්‍යාපාර කටයුතු කුඩා දරුවන්, ගැබිනි මව් වරුන්ට මෙන්ම විවාහය වැනි කටයුතු වලදීද මවක මෙන්ම් පිහිට වන බවත් පිලි ගැනේ. නවගමුව පත්ත්නි දේවාලය මායාදුන්නේ රජතුමා ප්‍රතිසංස්කරනය කල අතර රාජසිංහ රජතුමා පත්තිනි දේව වන්දනාව ට විශාල අනුග්‍රහයක් දැක්වූ රජතුමෙක්ද වේ. මැදගොඩ දේවාලය සම්බන්ද අත්දැකීම මෙයට හේතුවන්නට ඇත. පිටිහුම දේවාලයේ කපුමහත්තයා සතුව ඇති දේවපත්තිනි නම් පුස්කොල පොතෙහි රාජසිංහ රජතුමා කරවූ පත්තිනි දේවාල 48ක් පිලිබඳ විස්තර සදහන්ය, ප්‍රධාන දේවාලයන්ර රනින් කල සළඹ පූජා කර ඇති බව සදහන්ය. මැදගොඩ, කබලුමුල්ල, මියනවිට, සෙලෙම්බුව, අමිතිරිගල, උඩුව, කපුගම්මන, අමනාවල, අරුත්ගම්මන, තඹදිය, තියබරාහේන, පැලැල්ලේගම, ගම්බල හේන මෙම දේවාල අතරින් ප්‍රධානය.