පත්තිනි දෙවියෝ සීතාවක හා කෑගල්ල දිස්ත්‍රික්කය පුරා ජනප්‍රිය දේව වන්දනාවකි. ඉන්දියාවේ දේවත්වයට පත්ව පුද පූජා ලැබූ දේවතාවියකි. ගජබා රජතුමා ඉන්දියාවට ගොස් (ක්‍රි.ව. 112-134) කාලයේ ලංකාවෙන් ගෙන ගිය සිරකරුවන් 12000 හා තවත් ද්‍රවිඩ සිරකරුවන් පිරිසක්ද පත්තිනි සලඹ ද රැගෙන ආවේය. නැව කුනාටුවකින් ගසාගෙන විත් කැළණි ගඟ අසබඩ වර්ථමාන නව ගමුව පත්තිනි දේවාලය පිහිටි ඉස්ථානයේ නැවතින. නාගයන් පත්තිනි සළඹ රැලවල් කල හෙයින් නවගමුවේ පත්තිනි දේවාලය ඉදිකල බව ජනප්‍රවාදයයි.
මතු බුදු බව පතන පත්තිනි දෙවියෝ ලෙඩ දුක් අධ්‍යාපන කටයුතු රැකී රක්ෂා හා වෙළඳ ව්‍යාපාර – ගැබිනි මව්වරුන් හා කුඩා දරුවන් විවාහය ආදී කටයුතු වලදී මවක මෙන් පිහිට වන්නීය. නවගමුව පත්තිනි දේවාලය මායාදුන්නේ රජතුමා ප්‍රථිසංස්කරනය කල අතර රාජසිංහ රජතුමා පත්තිනි දේව වන්දනාව විශාල අනුග්‍රහයක් දැක්වූ රජතුමෙකි. මැදගොඩ දේවාලය සම්බන්ද අද්දැකීම මෙයට හේතුවන්නට ඇත. පිටිහුම දේවාලයේ කපුමහත්මා සතුව ඇති දේවනීතිය නම් පුස්කොල පොතෙහි රාජ සිංහ රජතුමා කරවූ පත්තිනි දේවාල 48ක් පිලිබඳ විස්තර සඳහන්ය. ප්‍රධාන දේවාලයන්ට රනින් කල සළඹ පුජා කර ඇත. මැදගොඩ, කබුලුමුල්ල, මියනවිට, සොලොම්බුව, අමුතිරිගල, උඩුව, හපුගම්මන, අමනාවල, අරුක්ගම්මන, තඹදිය, දියබරාහේන, තැලැල්ලේගම, ගම්බලහේන මෙම දේවාල අතරින් ප්‍රධානය.
