හදිස්සියේම පැමිනි දෙමසක අධ්‍යයේන නිවාඩුව ඇයව දුරින්වන හැදෑරුම් ආයතනය වෙතට කැඳවා තිබිනි. වටිනා හැදෑරුම් අවස්ථාවක් වූ එය මග හැරීම කිසිසේත්ම යුතු නොවන බව මගේද යෝජනාව විය. අසීරුවෙන් කැඳවා ගත් ආත්ම ශක්තියකින් කෙටිකලකට වුවත් සමු දුන්නද හුදකලා බව නැවත ජීවිතය වසා ගන්න ගත වූවේ දින දෙක තුනකි. නගර උද්‍යානය, නගර කෙරවල කඳු පෙල පමනක් නොව කිසි දිනක දෙපා ගමනට හමු නොවූ නගරය ආසන්න ගොවිපොලවල් අතරින් දිවෙන නව මාවත් දවසේ ඉතිරිවන කාලය ගෙවා දමන්නට මහත් සහයක් ගෙනැවිත් තිබිනි. දෙවන මාසය වන විට තත්වය වඩාත් බෑරෑරුම්ව දැනෙන්නට විය. උදෑසනට යෙදෙන දේශන කටයුතු වලින් අනතුරුව ජනශූන්‍ය මාවත් ඔස්සේ ඔබ මොබ ඇවිඳ යාම තව දුරටත් උත්තේජනීය නොවෙන බව හැගෙන්නට විය. “වඩාත් තැන්පත් ජීවිත ආකෘතිවලින් බහුල නගරයක අතරමංවීම ගැන මා සතුටු වෙමි. නැතිනම් දරුනු හුදකලාව විසින් ජීවිතය කෙබඳු දිසාවකට ගෙන යන්නට ඉඩ ඇත්දැයි සිතා ගත නොහැකි තරම්ය” වරක් ඇය වෙතට Email සටහනක තැබුවා මතකය. වෛද්‍ය විද්‍යාවේ නවතම අත්පත්කර ගත් දැනුම් අවකශ කිහිපයක් සමග වූ එම කාලය පිලිබඳව බලාපොරොත්තු බව දනවන ඇයගේ පිලිතුරු සටහන්ද ගෙවෙන කාලයේ වන බරපතල බව මදක් හෝ අඩපන කර දමන්නට සමත් බවක් ගෙනැවිත් තිබිනි. ” සමහර නවතම හෑදෑරීම් අවකාශ සාම්ප්‍රධායික දැනුම් පද්ධති වෙතට කරමින් තිබෙන්නේ බරපතල වෙනස්කම් පිලිබඳව යෝජනා බවයි මගේ වැටහීම. සමහර විටක ඉක්මනින්ම සමහර සම්ප්‍රධායන් වෙතට සමුගන්නට සිදුවන තරමේ නිගමනයන් ඒවා ගෙනෙමින් තිබෙනවා” ප්‍රොබෝධාත්මකව මා තබන්නට ඇය හැම විටම උත්සාහ ගෙන තිබිනි.
– siriwansa
