“ඒක සංකීර්න කරනාවක්. මිනිස්සු හැටියට අද අපි භාවිතා කරමින් සිටින සියලු දැනුම් පද්ධති තියා ඉන් අඩක් වත් විද්‍යාත්මක ක්‍රම වේදය ඇතුලේ අත්හද බලන්නට හෝ තහවුරු කරගන්නට බැරි වේවි. අනික සම්ප්‍රධායික භාවිතාවන් බොහොමයක අවසාන ඉලක්ක වෙතට අප දන්නා ක්‍රම වේද ඔස්සේ පිවිසෙන්නට නොහැකියි. ඒවා විටක හරිම සරල වෙනවා සේම තවත් විටක හරිම සංකීර්න වෙනවා. අවසාන වශයෙන් සැලකුවත් විද්‍යාව කියන්නෙත් සියයට සියයක්ම නිරපේක්ෂ දැනුමක් නෙමෙයි.” වඩාත් සංකීර්න හැදෑරීමකට පිවිසෙමින් සිටින බවක් පල වෙමින් තිබේ. වඩාත් පුලුල්ව එහි විෂය  වෙතට නාභිගත වෙමින් තිබෙන බව පැහැදිලිය. ඇයද ක්‍රමයෙන් තම මූලික විෂය පතය මතින් වඩාත් පුලුල් දැක්මකට පැමිනෙමින් තිබීම අපූර්ව හැදෑරීම් ආකාරයේ අත්දැකීමකි. ටිබෙටියානු මිතුරාගේ නිරන්තර වදන් වැලක් මතකයට පැමිනෙන්නේ නිසැකින්ය. “ඇත්ත.. සීමිත බව සැහැල්ලුවක්. හැබැයි අසීමිත බව ඊට වඩා සැහැල්ලුවක්. මේ අප පසුකරමින් සිටින සාමාන්‍ය ජීවිත ආකෘති පදනම අපට බල කරනවා සීමිත වෙන්නට කියලා. මම කියන්නේ ආර්ථික දේශපාලනිකව මෙන්ම සංස්කෘතිකවත් ඒක එහෙම කරමින් සිටිනවා”. ඔහු හා මා වරක් සැන්දෑවක ආශ්‍රමයේ සිට ඔවුන්ගේ වගා බිම් අතර ඇවිද යමින් සිටියෙමු. විශාල භූමිය් මැදින් දිවෙන සරල මාවතේ අයිනකට වන්නට ඉතිරි කර තිබූ විශාල වෘක්ෂයක සෙවනේ වන සරල දැව අසුනක අසුන් ගන්නට ඔහුට අවශ්‍ය විය. අප අතර වූ දෙබස ඔහු ඉදිරියට ගෙනියමින් සිටී. “ඇත්තටම මේ ගැමි මිනිසුන්ගේ ජීවන රට අකෘතිය මට දැන්නේ ඈත අභ්‍යාවකාශයෙන් පැමිනි නොදන්නා නොහදුනන මෙන්ම හඳුනාගන්නට අප භාවිතාකරමින් සිටින කිසිදු තාක්ශනයකට හසු නොවන ලෝහ මිශ්‍රනයක් නැතිනම් ප්‍රාතමික ජීව ගොනුවක් වගෙයි.
-siriwansa