“පැමිනෙන්නේ වියතුන් වඩාත් අසරන වන කාර්තුවයි”. අහබු ලෙසට නගර ශාලාවේ සංවිධානය කර තිබූ අපූරු කථිකාවකට සහභාගී වන්නට අවස්ථාවක් ලැබිනි. එහි ප්‍රධාන මාතෘකව ලෙසට නම් කොට තිබුනේ එලෙසටය. තොරතුරු තාක්ෂනයේ වේගවත් අත්පත් කර ගැනීම් සමග සිදුවෙමින් ඇති විපර්යාස මෙන්ම අන්තර්ජාල භාවිතාව ලොවපුරා සිදුකරමින් ඇති බුද්ධි ප්‍රබෝධයක් පිලිබඳවද මෙහිදි මනාව විමසා බලන්නට කටයුතු කෙරිනි. “මිනිස් කථාන්දරයේ කිසිදාක අත්නොවිඳි ලෙසට ඔබ නිදහස් වෙමින් තිබේ”. ආර්ථිකව, දේශපාලනිකව සිදු වන ප්‍රබෝධය තව දුරටත් සමාජ අර්ථයෙන්ම පමනක් නොව පුද්ගල අර්ථයෙන්ද වඩාත් විමසෙමින් තිබීම දේශපාලන ආධිපතයයෙන් මැඩලෙමින් ඇති රටවල් කිහිපයකදී හැරෙන්නට හා කන්ඩායම් ගත විමුක්තියේ පරනතම සංස්කරනය ඔස්සේම සොයමින් සිටින කන්ඩයම් අතරේදී හැරෙන්නට ඉතා වේගයෙන් සිදුවෙමින් ඇති බව එම දේශකයින්ගේ අතින් වඩාත් අවධාරනයෙන් සනි‍ටුහන් වූ කරුනක් විය.
තොරතුරු අවකාශය ඉල්ලා සිටින විවෘත බව මැඩලන සමජ අවකාශයන් පිලිබදවද නෙක මත පල වනු දැකිය හැකි විය. “විවෘත බවට බිය වීම මෙන්ම විවෘත බව ඔස්සේ පැමින මිනිසුන්ගේ සිතුම් පැතුම් අවකාශය පුලුල් විමට දක්වන රෝධකය මෙන්ම වඩාත් සාර්ථක විකල්ප නිර්මානය කරන්නට දක්ෂ වනවාට වඩා “දොර වසා” තැබීමට දක්වන කැමැත්ත ඔස්සේ මිනිස් වර්ගයා සීමා කරවන්නට හා ඒ ඔස්සේ පාලනය කරවන්නට වන කැමැත්ත වඩාත් හාස්‍ය මෙන්ම දෘඩ ලෙසට විවේචනය කරන්නටද ඔවුනට අවශ්‍යව තිබිනි.ආයතන ගත දැනුම් පද්ධති වලට වන අනන්‍යතාවය ඉතා වේගයෙන් ගිලිහෙමින් පැවතීම මෙන්ම විවෘත සමජ අවකාශවලදී කවරදාත් අත්නොවිඳි තරම් මෙම දැනුම් පද්ධතිවල වන ආයතනික ගත අනන්‍යතා නොසලකා හරින්නට හැකිවීමට වන නොරිස්සුමද සංවාදයට භාජනය විය.
පුරා හෝරා හතරක ප්‍රබෝධජනක සංවාදය අවසානයේ නගර ශාලවෙන් පිටතට පැමිනි විට බොහෝ දෙනා තුලින් ලත් බුද්ධි ප්‍රබෝදයත් කායික මනසික වෙහෙසත් අතර වන මිශ්‍රිත බවක් දැකින්නට හැකි විය. “බොහෝ කලකට පසු මගේ විමසුම් මනස දරුනු ලෙස අවදිකරවන්නට ඔබලාට හැකි විය. ඒ පිලිබඳව මගේ ස්තුතිය” මෙම සම්ත්‍රනයට අදාල සමාජජාලා පි‍ටුවේ වූ එක් අයෙකුගේ මතයක් බොහෝ දෙනාගේ අනුමැතියට ලක්ව තිබුනි.
-siriwansa