එය මද සීතැති සැදෑවක් විය. කඳු මුදුනත වෙත අප පැමිනියෙමු. නොකඩවා ගලා ගිය දෙසතියකට ආසන්න සටහන් කරනයට මද විරාමයක් දී කඳු මුදුනත දිවෙන පා මාවත ඔස්සේ ඇවිඳිමින් මද සැහැල්ලුවක් ලබන්නට අප තර එකගතාවයක් පැමින තිබිනි. පලමු හෝරාව පුරාවටම අපගේ ප්‍රධාන මාතෘකාව මග හැර සිටින්නට අපට හැකි විනි. “එතකොට ඇයි දැන් ශාස්තෲවරුන් බිහි නොවන්නේ”. සටහනේ එලබෙන මාතෘකාව පිලිබදව දෙබසකට ඇයට වන අවශ්‍යතාවය තව දුරටත් මග හැර සිටින්නට නොහැකිව ඇතුවා සේය. “මම හිතන්නේ වර්ථමානය වන විට මිනිස් වර්ගයාට තම මනස හා කය පිලිබදව වන ගැටලුව පිලිබදව අවධානය තමන් අවට වන පරිසරය වෙතට වැඩි යෙන් යොමුවෙලා ඉවරයි. ඔවුන් තව දුරටත් තමන්ගේ අභියෝග හා ඉලක්ක ජය ගන්නට තමන්ගේ පරිසරය වැඩි වැඩි යෙන් භාවිතාකරමින් සිටිනවා. අනික අද වන විට ඔවුන් අසරන වීම තම තම සමාජයන් ඇසුරෙන් ගොඩ නගා ගන්නා විසදුම් සමග අවම කරගන්නට සමත් වෙලා තියෙනවා වගේම තව තවත් එසේ කරගන්නට කටයුතු කරමින් සිටිනවා. තව දුරටත් ඔවුන්ට ඉහල අහසේ වලාකුලු ඉරා ගෙන එන , මිහිකත දෙබෑ කරමින් එන තමන්ට වඩා අපමන ශක්තියක් තියෙන සංකල්ප අවශ්‍ය වන්නේ නැහැ. අනික සාමාන්‍යයෙන් ඔවුන්ගේ විමසුම් හැකියාවත් ඉහල මට්ටමක පවතිනවා. මම හිතන්නේ මේ හැම කාරනයක්ම එකතුවෙලා ඔවුන් තවදුරටත් එවැනි බලාපොරොත්තු තබන්නේ නැති ජීවිත අවකාශයක් නිර්මානය කරගෙන තිබෙනවා”. වරක් ටිබෙටියානු මිතුරා යාබද ගම්මුන් පිලිබදව පැහැදිලි කිරීමක් මතකයට නැගේ. “ඔවුන් අහසට ගරුකරනවා. අනන්ත අපමන තරුකැට සාගරය බාවනා නිමිත්තක් වගේ භාවිතාකරනවා. හැබැයි ඔවුන් කිසිවක් බලාපොරොත්තු වෙමින් සිටින්නේ නැහැ. සරලව කිව්වොත් ඒ වෙතට බලයක් ආරෝපනය කරන්නට උත්සාහ කරන්නේ නැහැ. එක් අතකින් ඔවුන් ඒ වෙතට දක්වන්නේ “පසුකල ආදරනීය ලබැඳියාවකට වන සුහඳ බවක්” වගේ දෙයක්”. ඇය තම පියවර වේගය අඩුකරමින් මා ගත් නිහැඩියාවේ අරුත විමසන්නාසේ විය. “ඇත්තටම ඔවුන් ත්ම ගැටලු සදහා තම පරිසරය, ඔවුන්ගේ කායික මානසික හැකියාවන් ගැන විස්වාසය තබනවා විනා ඇදිහිලි විස්වාශ පද්ධති වෙතට එතරම් නැබුරුවක් නැහැ. මම හිතන්නේ ඔවුන්ට තම ශක්ති හැකියාවන් විමසා ගන්නට තවදුරටත් කැඩපත් අවශ්‍යව නැතුවා වෙන්නට පුලුවන්.”
– siriwansa
