සීතාවක රාජධානිය ඇරබෙන්නේ කෝට්ටේ රාජධානියෙනි. විජයබා රජිදුන්ගේ යම් ක්‍රියාකලාපයහි තිබූ දුර්වලතා මේ සදහා හොඳින් පසුබිම් වූ බවයි හදාරන්නන් පෙන්වා දෙන්නේ. ඉතිහාස සටහන් වල වැඩි දුර සටහන් නොවන අනු කථාවක් ලෙසට “පර රාජසිංහ” එනම් විජයබා රජතුමාගේ දරුවන් සතර දෙනාගෙන් එක් අයෙක් ලෙසට පෙන්වා දෙයි. ඔහු දුර්වල ලෙඩ රෝගවලට නිතර ගොදුරුවන අයෙක් ලෙසට හදාරන්නන් හඳුන්වන්නේ මෙලෙසය. ” ලෙඩින් වැහැරුන, බල සිහින්, තලේලළු සිරුරක් ඇති පරරාජසිංහ මන්ද උත්සාහි පුද්ගලයෙකි. සිරෙහි පසුවෙද්දී මටනම් මෙතැන හොඳාය. කරදරයක් නැතිව පසු වන්නට ලැබෙනවා යැයි ඔහු කියන කථාව රජසිරි ලැබීම පිලිබඳ අදහසක්වත් නැතිවීයන රජය ගැන ඔහුතුල නොවූ බව පෙන්නුම් කරයි. ” මෙම පරරාජසිංහ කුමරු සිරෙහි පසුවෙද්දී හැසිරෙන අයුරුද සිනා උපදවන සුලුය. සූර්ය වංශික රජුන්ගේ තොරතුරු සොයා ගෙන ඊට තමාගේ සම්බඳය ඇතිකල තැනැත්තා පිලිබඳ තතු සෙවීමත් තම ජන්මපත්‍රයේ තමාට බලපා ඇති ශනි ග්‍රහයාට ස්තොත්‍ර කීමත් ඔහුකල කාර්යයි. ”
පරරාජසිංහ යනු මායා දුන්නේ කුමරුගේ වැඩිමහල් සොහොයුරෙකු වන බවත් වරක් සිදුවූවක් ලෙසට හදාරන්නන් සටහන් කරන ” මේ කිමෙක්ද මලයන්ඩිය ඔබ මේ රෑ දවල් දෙකේ උන් හිටි තැන සිදුවිල්ලේ යෙදුන ගමන්? යනුවෙන් පරරාජසිංහ කුමරු තම මලනුවන් වන මායාදුන්නගෙන් අසන සැටියෙනොහුගේ සිදුවිලි කෙතරම් බොලඳද යන්න පැහැදිලි වේ” සටහන් වලි පැහැදිවේ.අවසානයේදී රයිගම්-වල්ලල්ලාවිට, පස්යොදුන් කෝරලවල ප්‍රථිරාජ පදවිය පරරාජසිංහ කුමරුට ලැබුනු බවටයි ඔවුන් පෙන්වා දෙන්නේ.
– පොත පත ඇසුරෙනි
