මායාදුන්නේ රජතුමාගේ හා බෝතලගේ සුමනා දේවි අගබිසවගේ බාල පුතාය. ක්‍රි.ව. 1532 ඇසල මාසයේ උපත ලැබූ මෙතුමා ටිකිරි රජ්ජුරු බන්ඩාර නමින් ප්‍රසිද්ධ විය. වයස අවුරුදු අටේදී පියාගේ නියෝජිතයා ලෙස , කොලඹ යුධ කදවුරට ගිය අතර, අවුරුදු 11 සිට පියතුමාගේ යුධ හමුදාවට එකතු විය. ඇතුන් අසුන් මෙහෙය වීම, කඩු , කෙලි, දුනු , මුගුරු අවි මෙන්ම දක්ෂ වෙඩික්කරුවෙකුද වූ මෙතුමා අංගම්පොර කලාවේ ප්‍රවීනයෙකි. යුධ උපායෙහි දක්ශ අසම සම රණ ශූරයෙකු වූ මෙතුමා දෙ අතින් කඩු දෙකක් ගෙන කරකවමින් දිවයන අසෙකු ගෙන් තවත් අස්වයෙකු පිටට පැනීමට තරම් දක්ශය. මෙතුමාගේ නායකත්වයෙන් සීතාවක හමුදවෝ කෝට්ටේ රණශූර වීදියේ බන්ඩාරද පැරද වූහ. මුල්ලේරියා වෙල්යායේදී පෘතිගිසීන් හා කෝට්ටේ හමුදාවන්ට බරපතල හානි සිදුවූ මෙහෙයුම් ගනනාවක්ම සිදු කලේය. කෝට්ටේ හා මාතර දිසාව අත් පත් කරගත් මෙතුමා ක්‍රි.ව. 1580 වේදී පමන පියරජ තුමාගේ ආශිර්වාඅදයන් රාජ සිංහ නමින් රජ විය.1582 දී පෘතුගීසීන්ට පක්ෂපාතී උඩරට පාලක කරලියැද්දේ රජතුමා පලවා හැර උඩරට අත්පත් කර ගත්තේය.
ක්‍රි.ව. 1588 දී සෙබලුන් 50000 යුධ ඇතුන් 2200 කාලතුවක්කු 150 රෝද නමයේ යුධ රථ, ට්ය්ධ නැව් 65 , කුඩා යත්‍රා 400 ඇතුලත් දැවැන්ත මෙහෙයුමකින් පෘතුගීසීන් කොලඹ කො‍ටුවට සීමා කලේය. ජයංග්‍රහනය පෙනි පෙනී දේශීය සතුරන්ගේ පාවාදීම් යුධ හමුදාවේ අසමගිකම් හා පෘතුගීසී ආධාරක නැවු හමුදා කොලඹට පැමිනීමෙන් යුද්ධය නවතා දමන ලදී.
දොම්පේගෙයි මල්වතී දේවිය අග බිසව වූ අතර, ධර්ම කුමාරයා හා මැනික් බිසෝ කුමරිය රජතුමාගේ දරු දෙදෙනාය. ක්‍රි.ව. 1592 වන විට කොලඹ කො‍ටුවත් යාපනයත් හැරෙන්නට මුළු ලංකාවම සීතාවක පාලනයට අයත්විය. දළඳා සමිඳූ දෙල්ගමුව දළඳා මැදුරෙන් රත්න පුර සමන් වෙහෙරට වැඩමවා වසරක් පාසා දළඳා පෙර හැර 11ක් කරවීම පෙරහැර ඇතෙකු , වටිනා පූජා වස්තු පිදවිලි ගම් 360ක් සමන් වෙහෙරට පූජා කලේය. නව වෙහෙර විහාර කරවීම විනාශ වූ වෙහෙර විහාර යලි ගොඩනැංවීම වෙහෙර විහාර වලට ගම් බිම් පූජා කිරීම ආදී බෞද්ධ කටයුතු මෙන්ම, පත්තිනි දේවියට මැදගොඩ , කබුලුමුල්ල, කඩදොර, අමිතිරිගල, ආදී දේවාල 48ක් කරවීම බොල්තුඹේ දැරනියගල ආදී සමන් දේවාල ඉදිකිරීම , පෘතුගීසි විනාශ කල බැ‍රැන්ඩි කෝවිල යලි ඉදිකිරීම ආදී බෞද්ධ හිංදු ආදී සෑම ආගමකටම අනුග්‍රහය දැක්වීය.
රටට ඉස්ථාවර දේශපාලන නායකත්වයක් දුන් මෙතුමා, දේශීය හා විදේශීය වෙළඳාමෙන් ආර්ථික ජයංග්‍රහන අත්පත් කර ගත්තේය. වැව් අමුනු වාරිමාර්ග ඉදිකර කෘෂිකර්මන්තයෙන් රට ස්වංපෝෂිත කලේය. අසංවිධානාත්මක සිංහල යුධ හමුදාවේ ගිනි අවි කාලතුවක්කු ආදියෙන් සන්නද්ධ ,සංවිධානාත්මක යුධ හමුදාවක් නිර්මානය කලේය. හිස් වැල්ලේ ධර්මද්වජ , අලගියවන්න මුකවෙටි, විජයවර්ධන අලහප්පෙරුම වැනි උගතුන් කල සාහිත්‍ය මෙහෙවර නිසා සුභාෂිතය, කුසදාවක, දහම්සොඬදා කවිගුනරත්න මාලය , සීතාවක හටන සැවුල් සංදේශය වැනි දායාද උරුම විය
කොනප්පු බන්ඩාර කුමරු පෘත්ගීසීන්ගේ සහයෙන් කන්ද උඩරට බලයට පත්විය. එයට එරෙහිව යුධ සේනා ‍රැගෙන ගිය රාජසිංහ රජතුමා බලන දුර්ගයේ සිදුවූ සටනින් පසුබැස පෙතංගොඩ උයනට පැමිනියේය. පෙතංගොඩ උයනේදී පදයක සිදුවූ තුවාලය අසාධ්‍ය වීමෙන් ක්‍රි.ව. 1592 මැදින් මාසයේදී මෙලොවින් සමුගත්තේය. රාජකීය දේහය සීතාවක නුවරදී රාජ්‍යගෞරව සහිතව රාජසූරිය හා ජයසූරිය කුමාර වරුන් ඇතුලු රජ පවුලේ සහභාගීත්වයෙන් ආදාහනය කෙරෙනි.
ක්‍රි.ව. 1588 සිදුකල කොලඹ කො‍ටුව වැටලීම ජය ගෙන පෘතුගීසීන් පලවා හැරියේනම් ලංදේසීන් හා ඉංග්‍රීසීන් මෙරට යටත් කර ගැනීමට සිහිනෙන්ද නොසිතනු ඇත. රට ජාතිය හා බුදුදහම වෙනුවෙන් අමිල මෙහෙවරක නිරත මෙතුමා සීතාවක සිංහයා හෙවත් ලංකාවේ සීසර්, ඇලෙක්සැන්ඩර් හැනිබල්, විදේශිකයෝද ගෞරව කරති. මරනින් පසු දේවත්වයට පත් මෙතුමා රාජසිංහ දෙවියෝ හෙවත් ගනේගොඩ දෙවියන් ලෙස, මීරිගම , බෝතලගම ගනේගොඩ දේවාලයේත්, මැදගොඩ හා කබුලූමුල්ල පත්තිනි දේවාලයේත් පිහිටි සියනෑ කොරලයේ හා තුන් කෝරලයේ ජනතා ගෞරවාදයට පත්ව ඇත.