සීතාවක රජමාලිගා භූමිය පසුකර මදක් ඉදිරියට යන විට හවන ප්‍රදේශයක් වන්නේ බන්ඩියවත්තයි. මේ අවටද ඓතිහාසික සීතාවකට අදාල ස්ථානයක් පිලිබන්දව තොරතුරු ඇත. හදාරන්නන් පෙන්වා දෙන්නේ හතරැස් අක්කරයක පමන ප්‍රදේශයක පැතිරුනු අඩි 6ක් පමන ගොඩ කර නිර්මානය කර ඇති ගල්පවුරක්ට මැදිව මළුවක් ඉදිකර එහි බිසෝමාලිගය ඉදිකර තිබුනු බවයි. වර්ථමානය වන විට නටබුන් ලෙසට මළුව ඉදිකිරීමට යොදා ගත් ගල් පවුරේ කොටස් මෙන්ම ඔප දමන ලද ගල් පවුරු කිහිපයකුත් දැක ගත හැකි බවයි. මාලිගවේ බිසෝ වරුන්ට මෙන්ම කුමාරියන්ටද රන් රිදී ආභරන තැනූ රාජකීය පට්ටලය තිබූ තැනද පල්ලේවාහල අසල පට්ටලේ වත්ත ලෙසට අද ද හදුන්වයි. භූමිය උඩට ගොඩකර ගොඩනැගිල්ලක් තිබෙන්නට ඇති බවට නුමාන කල හැකි අතර අද වන විට පස් ගොඩැල්ලක් පමන ඉතිරිව තිබෙනු දැකිය හැක. මීට අමතරව ප්‍රදේශවාසීන් රන් ලෙන ලෙසට හදුවන්වන විශලා ගල් ලෙනක්ද වන අතර ඒ අසල ගඟේ වන සුන්දර ස්ථානයක් ලෙසට නිරන්තරයෙන් සුසුදු දිය බුබුලු ලමින් ගලා යන ගංගාවේ දිය නෑමට පැමිනෙන රජතුමන්, බිසෝවරුන් මෙන්ම කුමර කුමරියන් තම සළුපිලි මාරුකර ගන්නට මෙම ස්ථානය භාවිතාකරන්නට ඇති බවට විස්වාස කල හැක. මෙම රන් ලෙන ලෙසට හදුන්වන ස්ථානයේ දෙපස වාඩිවී සිටීමට පහසු ආකාරයට සැකසුනු පිල් දෙකක්ද දක්නට හැකි බවටයි හදාරන්නන් පෙන්වා දෙන්නේ.
