එම අධ්‍යන ආයතනය සමග එලබතිබූ වසරක එකගතාවය දීර්ඝ කර නොගැනීමට මට සිදුවිය. ලොව වෙනත් කෙරවලක හැදෑරීම් අවකාශයකට යන්නට සිදුවීම කෙදිනකවත් මා නොවිදි අපහසුවක් වන්නාක් සේ මට දැනිනි. අපහසුවෙන් හෝ සමුගෙන යන්නට සිදුව තිබිනි. “අපූර්ව මිතුදම් වලින් සමුගන්නට වීම වඩාත් වේදනා කාරීය. එය හුදු එකිනෙකා මත යැපීමක් හෝ ලාභයක් මත නොව එකිනෙකාට ගරුකිරීම, ප්‍රියකිරීම වැනි සාධක මත ගොඩ නැගෙන නිසාදෝ වඩාත් සිත්පත්ල ආමත්‍රනය වන අවස්ථාවකි”. එම හැගීම එවකට දින සටහනේහි මාතැබූ එක් ආකාරයක් ලෙසට මතකට නැගේ. ඇයගේ සමරු සටහහක් සදහා ආරාධනාවක් ලැබිනි. එම සටහන කඳුලු වසා ගන්නට ගත් අසීරු සටහනක් විය. “අප සමුගෙන යා යුතුය. වඩාත් නැවුම් නැවත හමුවකට නම් සමුගෙන යා යුතුවම ඇත. එම සිදුවීම ඔබට දැනෙන්නේ වේදනාවක් ලෙසටද වඩාත් විවෘත බලාපොරොත්තුවක් ලෙසටද යන්න ඉහත වන තේරීම මත වනු ඇත”. සුපුරුදු අවන්හලෙහි සිකුරාදාවක සැදෑවක් එම අවසන් හමුවට වෙන් වෙමින් පැමින තිබිනි. ඉන්දියානු විස්මිත ස්වර පබදින්නෙකුවූ රවීශන්කර් සංගීත වේදියානන්ගේ දියනියගේ රසවත් තත් හැඬුම් වලින් එම සැංදෑව රසවත්ව තිබිනි. මධ්‍යම රාත්‍රියට ආසන්න වන තුරු අප එහි ‍රැදී සිටියෙමු. රාත්‍රියේ මාගේ නේවාසිකාගාරයේ දොරකඩ අසලමට ඇයගේ රියෙන් මා අරලවා ලන්නට පැමිනිනි. වසරකට ආසන්න කාලයක් පුරාවට පැවති අපේ මිතුදම සදහා විරාමයක් කරා පැමින තිබුනෙමු. මිතිරන් ලෙසට හමුවූ අප මිතුරන් ලෙසටම සමුගෙන යා හැකිව තිබිනි. “ජීවිතය අපූරු අත්දෑකීමකි.” එදින රාත්‍රියේ එම මිතුදම ගැන සංෂිප්ත සටහන වචන දෙක තුනකට ගොනු කර තැබුවෙමි.

                          “මම හිතුවා ඔබතුමා මේ පැත්තටවත් එන්නට ඇතැයි කියලා. සමාවෙන්න ටිකක් ප්‍රමාදවුනා. මම ආවේ ඔබ තුමාගේ ආගන්තුක කුටියත් ලක ලෑස්තිකරලමයි” ගබඩා භාරකරුගේ හඬින් අතීත මතකයන් ඔස්සේ ඇවිද ගිය සක්මන සිතින් ක්ෂනයෙන් මැකී ගියේය. “අපි යමු කාර්යාලය දිසවට” ඔහුගේ ආරාධනයෙන් නැගිට ගත් මම ඔහු සමග එක් විය. “ලොකු ස්වාමීන් වහන්සේ හැන්දෑවේ හමුවීම හැදෑවට වඩාත් සුදුසු වේවි කියලා හිතුවා,එහෙම හොඳද?” ගබඩාකරුගේ කාරුනික වදන් හැසුරුම සිත්ගන්නා සුලුය. කෙනෙකුට මග හැරියද නිහැකි වන සුලුය. වැදගත්ම කාරනය නම් එම වදන් හැසිරවීම කෘතීම එකක් නොව ඔහුගේ මුල් ස්වභාවයෙන් ගලා එන්නක් ලෙසට දැනීමය. – Pubudu Siriwansa