වර්ථමාන පස්දුන් කෝරලයේ කළු ගඟේ අතු ගංගාවක් වූ මගුරු ඔය අසබඩ ස්ථානයකි. පොලොන්නරු කාලයේදී මේ ප්‍රදේශය පඤ්චයෝජන දිස්ත්‍රික්කය (ප්‍රදේශ) නමින් හැඳින් විනි. 1 පරාක්‍රමභාහු දක්ඛින දේශයේ ප්‍රදේශීය අධිපතියාව සිටි කාලයේ පඤ්චයෝජන ප්‍රදේශයේ දක්ඛින දේශයට අයත්ව තිබිනි. පඤ්චයෝජන රට්ඨිය 12 වැනි ඉය වසේ පමන කාලය වන තුරුත් වල් බිහිව තිබූ වගුරු බිමක්ව තිබුනේය. එක්වන ප්‍රක්‍රමභාහු කුමරයා මේ ප්‍රදේශය එලිපෙහෙලි කර ජලය බස්සවා ගොවිතැනට සුදුසු ප්‍රදේශයක් ලෙස සකස්කරනු ලැබීය.
එක් වන පරාක්‍රමභාහු හා රුහුනේ අධිපති මානාභරබ අතර අභ්‍යන්තර සටන් පැවති අවස්ථාවේ රුහුනට විරුද්ධව සටන් මෙහෙය වීමට සෙනවියන් සතර දෙනෙකුට බාරකල බව චූලවංශය කියයි. ඔවූහු නම් කේශ ධාතු දේවිල , කේශධාතු ලෝක , කම්මනාථ ආරක්ඛ හා කඤ්චුකියානායක රක්ඛ යන සිව් දෙනාය. මේ ආයගෙන් කේෂ ධාතු ලෝකගේ සේනාංකය පස්යොදුන් රට වාඩිලා ගත් බව චූල වංශය වැඩි දුරටත් සඳහන් කරයි. මේ නිසා කේශධාතුලෝක ආරක්ෂා ඉස්ථානයක් වශයෙන් පැලෑඳ ප්‍රදේශය තොරා ගත්තාට සැකයක් නැත. රාජාවලියේ සඳහන් වන කරුනු සලකා බැලීමේදී පැලෑඳ හා ඒ අවට ආරක්ශිත බලකො‍ටු කිහිපයක් තිබූ බව සිත අගත හැකිය. වීදීයබංඩාර පලමුවෙන් විවාහ වී සිටියේ බුවනෙකභාහු රජුගේ දියනිය සමගය. මේ දෙදෙනාට ධර්මපාල කුමාරයා ලැබුන පසුව බුවනෙකබා රජුගේ දියනිය මියගිය නිසා ධර්මපාල කුමරුගේ භාරකාරත්වය බුවනෙකභාහු රජු ඉන් පසු වීදීය බන්ඩාර , සීතාවක මායාදුන්නේගේ දුව වූ බිසෝ අදහසින් (කුමරිය) සමග විවාහ වී පෑලෑඳ නුවර පදිංචිව ප්‍රදේශය පාලනය කරමින් සිටියේය. හත්වන බුවනෙකභාහු රජ පෘතුගීසි පාලකයන් සමග සම්බන්ද කම් පැවත්වීමටත්, කෝට්ටේ රාජ්‍යයේ ආරක්ශාවට ඔවුන්ගේ සහය පැතීමත් නිසා කෝට්ටේ රාජ්‍යයට විරුද්ධව පස් යොදුන් රට පාලනය කල වීදීයබන්ඩාර කෝට්ටේ රාජ්‍යයට ප්‍රතිපක්ෂ ප්‍රදේශීය රාජයයක් ගොඩ නැගීය. වීදීය බන්ඩාර, සිය බිසවට නිදය ලෙස – අතවර – හිරිහැර කරන බව පිය රජු මායදුන්නෙට දැනගන්නට ලැබී එයට ප්‍රතිකර්ම වශයෙන් හමුදාවක් යවා බිසව උදහසින් නිදහස් කර ගැනීමට කටයුතු පිලියෙල කලහ. වීදීය බංඩාර තම පුත් විජයපාල අස්ථානත් සමග පැන ගිය අතර බිසෝ හා දියනිය ආපසු සීතාවකට කැඳවාගෙන එනු ලැබූහ. පෑලෑඳ බලකො‍ටුව මෙසේ විනාශ වූ අතර විදීය බංඩාර සමග පෑලෑඳ නුවර සිටි මනප්පෙරි ආරච්චිල කෝට්ටේ රජ්ජයට පලා ගියේය.