තල්දූව, කඹුරපොල වැනි දේවාල ගම් වලින් දේවාලයේ සියළුම කාර්යයන් ඉ‍ටුකිරීම ඉඩම් බුත්ති වින්ද අය දේවාලය වෙනුවෙන් නියමිත කාර්යයක නිරත වූහ. මුත්තෙට්‍ටුව රාජකාරී කටයුතු සදහා විධානේට නියමිත කුඹුරයි. ලේකමලෑ වත්ත, රදාතොටේ ඉඩම, ආචාරිගේ වත්ත, නැකැතියෑ කුඹුර, බඩ හැලැයෑ කුඹුර ආදිය ඒ ඒ කාර්යන් සදහා පැවරී තිබුනි.අද මේ රාජකාරී වෙනු වෙන් දේවාලය බදු මුදල් අයකරගනු ලැබේ. කඹුරාපොල කර්මාන්ත කරුවන්ගේ ගමක් වන්නට ඇත. කෝරලේ ඉඩම් නමින් වූ සමහර ඉඩම් දේවාලයට නොව කෝරලයට අයිති වූ ඒවාය.
සාම්ප්‍රධායිකව කීරුන වී වගාව විශේෂ චාරිත්‍ර වාරිත්‍ර විධිවලටම යටත්ව සිදු විය. සී සෑමට අවශ්‍ය ගව සම්පත ගමෙන් සොයා ගතහැකි විය. සියළුම වැඩ අත්තම් ක්‍රමයට කෙරුනි. අස්වනු සරු කිරීමට අද මෙන් රසායන විධි භාවිතා නොවීය. ඒ සදහා විශේෂ කෙම් විධි අනුගමනය කෙරිනි. අස්වනු සරු වූවේ දෙවියන් යකුන් සරුවූ තරමටයි. අධික තෘෂ්නාව ඒ නිසා අඩු විය. ගොයම් කැපීම කුඹුර නෙලීම සී සෑම , මැඬවීම ආදී සියළු කටයුතු වලදී මෙහි ගී ගැයීම විඩාව අමතක කිරීමට හේතු විය. කයිබත කුඹුරට නැතිවම බැරි අංගයක් විය. ගෙවිලිය කුඹුරට ගෙන ආ ඇඹුල වේල හැම දෙනාම සතුටින් අනුභව කලහ. අස්වනු කෙරෙහි තෘෂ්නාව අඩු වූ නිසාම ඔවූහු ලද පමනින් සතු‍ටු වූහ. අස්වනු අඩු වීම හෝ වැඩි වීම දෙවියන්ගේ කැමැත්ත අනුවම සිදුවන බව විශ්වාස කලහ. එබැවින් දෙවියන් යකුන් සතු‍ටු කිරීමට අවශ්‍ය අපිලිවෙත් පිරූහ. පරිභෝජනයට වඩා වැඩි පුරම නිෂ්පාදනය වූ ගම්මිරිස්, පුවක් , කුරුඳු වැනි දෑ මුස්ලිම් වෙලෙන්ඳන්ට විකුනා ඒ වෙනු වට ඔවුන්ට අවශ්‍ය දේ ලබා ගත් බව පෙනේ. සිංහලයන් හා මුස්ලිම්වරුන් සංස්කෘතීන් දෙකකට අයත් වුවත් ආරවුල් පැන නොනැගුනි. දෙගොල්ල අතර වැඩී ගිය සමගි දම ප්‍රකශවන නොයෙකුත් ගැමි කතන්දර ගෙතුනි.
ගමනා ගමන වාර්ග දියුනු තත්වයක තිබුනු බවක් නොපෙනේ. එහෙත් සීතාවක සිට ගැට හැත්ත දක්වා පලල් මාවතක් තිබුනු බව පෙනේ. එම මවත සබරගමුව දක්වාව විහිදී තිබුනි. උඩරටට ප්‍රධාන මාවත වැටී තිබුනේ තල්දූව, ඇපලපිටිය, යාලේගම, දයිගල හරහා රුවන්වැල්ල වැටෙන සේය. අ‍ටුළුගම හරහාද සමාන්‍ය මාර්ගයක් තිබී ඇත. හංවැල්ල හරහා කොළඹට ප්‍රධාන මාවතක් තිබෙන්නට හැකිය. සීතාවක නදියත් කැළණි නදියත් දිගේ ඔරු, පාරු අඟුල් වලින් ගමන් යාම සිරිතක්ව තිබුනි. රාජසිංහ රජතුමා නිතර පෙතංගොඩ උයනට ගමන් ගත්තේ ගඟ දිගේ දේව අඟුලෙනි. අවසන් ගියේද අඟුලෙන්ය.
මැණික් සෙවීම බොහෝ කාලයක සිට රත්නපුර දිසවට අයත් ප්‍රදේෂයේ ප්‍රචලිතව පැවතුන අතර ඇත් දත් සැපයීමද ප්‍රදේශයේ ජනංප්‍රිය විය.
යුරෝපියන් අනූව සිතන්නට හා ජීවත්වන්න පුරුදු වෙමින් ඔවුන්ගේ නම් ගම් පවා භාවිතාකරමින් ආගමද වෙනස් කර සංකර සමාජයත් ගොඩ නැගෙන්නට ආරම්භ වුනේ ධර්මපාල . රජු දොන් ජුවන් නමින් බෞතීස්ම ලබා එම ආගම වැලඳ ගෙන පෘතුගීසීන්ගේ ගැත්තෙකු බව පත්වීමෙන් අනතුරුය. පැරනි කෘෂිකාර්මික ගැමි සමාජයේ පැවති සාර ධර්ම ක්‍රමයෙන් අභාවයට යමින් නිසරු සංකර රටාවක අනූව දිවි ගෙවන්නට පුරුදුවී සිටිමු.
– පොත පත ඇසුරෙනි