මැණික් කොතෙක් සුන්දර වුවද වාසනාවන්ත වුවද, ඒවායෙහි මරනීය ලක්ෂනද අඩංගුව ඇති බව, වැඩිදෙනා නොදනිති. ඇතැම් මැණික් වර්ගවල විනිරණශීලී මූලද්‍රව්‍ය අඩංගුවී තිබේ. එමගින් පිලිකා ඇති වී මිනිසුන් මරණයට පත්වීමටද පුලුවන. විකිරණශීලීතාවය ඇති මැණික් වර්ග කිහිපයක්ම ලංකාවේ හමුවේ. ඒවා මෙසේය. ජාගූන්, වෛරෝඬි, මොනොසයිට්, ඒකනයිට්, ඇපටයිට්, ‍තෝරියන-නයිට්. 1998 නොවැම්බර් 29 දින පලමු ඉරිදා ලංකාදීප පත්‍රයේ විකිරණශීලී මැණික් ගල් වලින් පිලිකා ඇතිවන බව පවසා තිබේ. ඒ පරමානුක බලශක්ති අධිකාරියේ විකිරණ ආරක්ෂක අංශ ප්‍රධානී එච්.ඒ. අනිල් රන්ජිත් මහතා සමග කල කථා බහක් ඇසුරෙන් කල ලිපියක සඳහන් වූ පරිදි හිතවත් මහාචාර්යවරයෙකුට දීම සදහා සොයාගත් ඒකනයිට් මැණික් ගලක් ටින් එකක බහා නිදන ඇඳ යට තබා ගෙන සිටි රත්නපුරයේ තරුනයෙකු හදිස්සියේ මියගිය සිද්ධියක්ද එහි ඇතුලත් විය. එම මාහාචාර්යවරයා එන තුරු මැණික මාස කිහිපයක්ම තරුනයාගේ ඇඳ යට තිබිනි. තරුනායාගේ මරනයට හේතුවී තිබුනේ කිසියම් පිලිකාවක් ඉතා කෙටි කලකදී සිරුර පුරා ව්‍යාප්තවීමය. “ඒකනයිට්” මැණික් ගලෙන් නිකුත්වූ විකිරණ් හේතුවෙන් තරුනයාට පිලිකා රෝගයක් වැලඳුන බව මෙහිදි සමහර වෛද්‍යවරු මතපලකල බවද ලිපියේ දක්වා තිබිනි.
යම්විකිරන ශීලී මැනිකක විකිරණ නිකුත්වීම එහි විශාලත්ව්ය අනූව අඩු වැඩිවේ. මැණික් වඩාත් විශාල එකක් නම් විකිරණ නිකුත්වීම වැඩිවිය හැකිය. මැණික් ගලක් විකිරන ශීලී වන්නේ එහි ඇති යුරේනියම් , ‍තෝරියම් සහ විකිරනශීලී මූලද්‍රව්‍ය නිසාය. පරමානුක භාරය 40 වන පොපෑසියම් ඇතුලත් මැණික් වර්ගද විකිරනශීලී වේ. රත්නවිද්‍යාඥ දුනිල් පාලිත ගුනසේකර මහතා 2001 වසරේදී අලුතින් සොයාගත් පිටතට ලා දුඹුරු වර්ණ සහිත මොටාමික්ටි ඇලනයිට් නැමති මැණික් වර්ගයද විකිරණශීලීය.
කොතෙක් වටින්නේ වුවද රත්නපුරයේ මැණික් ‍රැස්කරන්නන් නිකිරණ්ශීලී මැණික් ගල් නිවෙස් තුල රඳවා නොගනිති. නිතර අතපත් නොබෑමට පරිස්සම් වෙති. ඔවුන් ඒවා ඉතාරහසි ගතව යම් යම් තැන්වල වලදමා ඇති බව කියති. මැණික් ගල්වලින් නික්මෙන විකිරණ මිනිස් සිරුරට වැදී සෛලවල වෙනස්කම් ඇති වී මෙන් පිලිකා තත්ව්යන් හටගනී.
– පොත පත ඇසුරෙනි