නක්ෂත්‍රය දේවකථා සහ ජනශෘති මගින් හෙලිවන අන්දමට මහ පොලොව වු කලී නිකම්ම නිකම් මහ පොලොව නොවේ. එය මහි කාන්තාවය. මැණික් සම්පත අරබයා මහී කාන්තාවට ගුරු හරුකම් දෙන්නේ මංගර දෙවිහාමුදුරුවන්ය. රත්න පුරයේ බලංගොඩ රජවක ප්‍රදේශයේහි ඉදිවුනු දෙව්ලක වැඩ වෙසෙමින් උන් වහන්සේ මැණික් අඩවියෙහි ජනී ජනයාට මැණික් සම්පත උදා කර දෙන්නේය. මංගර දෙවි හමුදුරුවන් ප්‍රකටව සිටින්නේද මැණික් සම්පතට අධිපති දෙවියන් වශයෙනි. මැණික් පතල් කරුවනළුත් පතලක් ඇරභීමට පෙර අතුව මංගර දෙවියන්ට පුද පූජා පවත්වන්නේ එබැවිනි. මැණික් අඩවියෙහි එන ජන වස්වශය අනූව මහපොලව යට පිහිටි සකල විද වස්තු සම්පත්වලට අධිපතියා භෛරවයාය. භූමිදේවතාවා වශයෙන්ද ප්‍රකටව සිටින්නේය. පොලව යට ඇති සියලුම වස්තූන් වලට ‍රැකවරනය සලසයි. මැණික් සම්පත් ලබා ගැනීමට නම් භෛරවයා සතු‍ටු කොට ඔහුගේ අවසරය ඇතිව පතක් කැපිය යුතු බව මැණික් අඩවියෙහි ඇදහීමයි. මැණික් කල පසුව ඒයින් මැණි නොලැබෙන තත්වයක් ඇති වුවහොත් භෛරව පූජාවක් පවත්වන්නේ එබැවිනි. සමහ පතල් පොලක දින් දිගටම මැණික් නොලැබෙන්නේ නම් භෛරවපූජාවක් පැවැත්වීමද සිරිතකි. දේවකථාව්ල එන හැටියට භෛරව වූ කලී ඊශ්වර දෙවියන්ගේ කාර්ය මංඩලයේ උසස් නිලධාරියෙකි. ඔහුගේ කාරිය මහපොලව තුල ඇති වස්තු සම්පත් බලා ගැනීමයි. භෛරවගේ කාර්ය මංඩලයේ ප්‍රධානියා නාග භෛරවය. නයි පෙණ හතක් සහිතව පෙනී සිටින ඔහුට ආතාල , වේතාල සහ පාතාල යනුවෙන් සහයකයින් පිරිසක්ද සිටිති. මේ තුන් දෙනා යටතේ අට දිසාවන්ට අධිපති අට්ඨභෛරවයන්ද, ශෛල බහිරවයන්ද, රත්න භෛරව, ජලභෛරව ආදී වශයෙන් පොලොවේ ඇති වස්තු සම්පත් බාරගෙන සිටින සහයක භෛරවයෝද සිටිති. මැණික් පතලයකටභෛරව පීජ්හවක් තබන්නේ මේ සියලු දෙනාම සිහිකරගෙනය.
භෛරව පූජාව පැවත්වෙන්නේ මැණික් පතල් කපන්නට යන ඉඩමේ ‍තෝරා ගත් ස්ථානයකය. රාත්‍රී කාලයෙහි බොහෝම හොර රහසේ කෙරෙන මෙම පූජාව බොහෝම අපූරු එකකි. ඉඩම වටා සිව් කොන පහන් පැල් දල්වා පලමු බුදුන්ද දෙවනුව සතර වරම් දෙවියන්ද වැඳ පූජාවේ වැඩ පටන් හැනීම කපු මහත්වරුන්ගේ සිරිතයි. භෛරව පූජාව සදහා අඩි හයක් පමන දිගට, ට්‍රියනක් පමන පලලට රියනක් පමන ගැබුරට වලක් හාර ගත යුතුය. එහි එළූ නෙලුම් කොල හතක් මත පූජා භන්ඩ තැන්පත් කරනු ලැබේ. එක් වර්ගයකින් හත බැගින් පලතුරු වර්ග හතලිස් නමයක්ද එක්වර්ගයකින් හත බැගින් කැවිලි වර්ග 49ක් ද මල්වර්ග හතකින් මල්ද බුලත් කොල හතලිස් නමයක්ද තැබිලි සහ පොල් ගෙඩි එක්වර්ගයකි හත බැගින්ද කඩල හබලපෙති කජු කිතුල් හකුරුද රන් රිදී සහ කාසී ආදී පුද පඬුරුද මෙසේ නෙළුම් කොල මත තැන්පත්කර පූජා භාන්ඩ අතර වේ. එහිදී තෙල් වර්ග හතකින් පහන් දැල්වීමද සිරිතයි. ස්තෝත්‍ර ආදී මතුරා මේ පූජාව භෛරවයාට කැප කෙරෙන්නේ හරියටම අළුයම 2.02 ට ය. එය භෛරව්යාගේ වෙලාව බව කියති. පතල් කැපීම පටන් ගන්නට පෙර දිමයේ තොර ගත් භූමියට ‍රැස්වන පතල් කරුවෝද ලයිසන් කාරයා හස හවුල් කාරයෝද එහි සිව්කොන පහන් දල්වා බුදුන් වැඳ සුමන සමන් මංගර කතරගම විෂ්නු පත්තිනි ආදී දෙවි දේවතාවුන් වහන්සේලාටද පුද පූජා පවහ්වති. පසු දින උදයේ සුබ හෝරාවෙන් පතලේ කැපීම ඇරඹේ. එද උදේට කිරිබත් කැවිලි පෙවිලි සංග්‍රහයක්ද පැවත්වීම සිරිතයි.
– පොත පත ඇසුරෙනි