බලියාග, තොවිල් ආදිය බෞද්ධ මුහුනුවරකින් කිරීමට තොටගමුවේ හිමිත් වීදාගම හිමිත් උපදෙස් දුන්හ. අසු ගැබ, දිය කොරහ, මහ නිලඟරාස්සය, දශා ක්‍රෝධය, විස්කම් බලිය, සෙනසුරු ඒරාෂ්ටකය ආදී බලියාග පවත්වා අවසන ආඝෝර නවනාථ, සංජීවනී, මෝර්තුංජය වැනි යන්ත්‍ර පැලඳීම මෑතක් වන තුරුම මේ සමාජයේ මුල් බැසගෙන තිබුනි. ජෝතියරත්න ගනිත දොඩම්පේ ගනිත ආදීහු එදා රජුත් ඇසුරුකල නැකැත්ද දතුවෝය. මේ යන්ත්‍ර මන්ත්‍ර විධි කෙරෙහි මහායාන බල පෑම ඇති සේ පෙනේ. වානිජ සමාජ ක්‍රමය මගින් පැරණි ග්‍රාමීය සමාජ ක්‍රමයේ ජිවන සුවඳ මැකී යමින් පවතී. මිනිසුනට අපලකල යකුන් අතර රීරියකා(ලේ) මහසෝනා(සෙම) හා කළු යකා (වාතය) මුල් තැන ගනී. ඔවුන් සතු‍ටු කර සෙත සැලසීම සදහා තොවිල් කිරිනි. දෙවියන් සතු‍ටු කිරීමට ගම්මඩු, දෙවොල් මඬු, දානේ මඬු, පහන් මඬු, පුනා මඩු ආදිය නැටූහ. කිහි‍රැලි උපුල් වන්, සමන් බොක්සැල්, විභීෂණ කන්ඳ කුමාර ශ්‍රී ලංකාව භාර ප්‍රධාන දෙවි වරුන්ය. ගම්භාර සූනියම් දේවතාවන් ප්‍රදේශයේ තවමත් පිදෙන දෙවියෙකි. නවගමුව වැනි හැම දෙවොල් බිමක්ම වාගේ එකම දෙවියෙකු සදහා පමනක් නොව ප්‍රධාන දෙවිවරුන් හැම දෙන සදහාම කැපවී ඇත.
අ‍ටුළුගමට නුදුරු දේවාල කන්දේ මංගෙදර පැරණි පත්තිනි දෙවොලක් විය. ක්‍රි.ව. 1582 දී එය කබුළුමුල්ලේ අද පවත්නා ස්ථානයට ගෙන ගියේ රාජසිංහ එකවන රජුගේ උපදෙස් ඇතිවය. මැදගොඩ පත්තිනි දේවාලයද මේ අවධියේම නැවත ආරම්භ වූවකි. රජතුමා ගගදිගේ දේව අඟුලෙන් පෙතන්ගොඩට යමින් සිටියේය. මැදගොඩ පැරණි දෙවොල් බිම අසල දී අඟුල ඉබේම නැවතුනි. අඟුල පදිමින් සිටි මාලමීගොල්ල නැමැත්තා දියට බැස බෑලූ නමුත් කිසිම හේතුවක් නොපෙනුනි. මේ දේව හාස්කමක් හැටියට සැලකූ රජතුමා තව දුරටත් විඅම්සා බලන විට පත්තිනි දෙවොල සොයාගන්නට හැකිව ඇත. දේවාලය යලි ගොඩ නගන්නට තීරනය කල විට අඟුල ඉබේම ගග ඉහලට ගමන් කොට මාදෙයියා ගල නම් ගල මත නැවතුනි. ඊට පසුව සතිටට පත් රජතුමා මැදගොඩ පත්තිනි දේවාලය අළුතින් කරවූ බව කියවේ.
ගනේගොඩ දෙවියන්ද සීතාවක පෙදෙස් තෙද බල පාන අයෙකි. මේ අනෙකෙකු නොව සීතාවක රාජසිංහ රජතුමාය. භික්ෂූන් (ගණයන්) බෙලි කපා ගොඩ කල බැවින් ගනේගොඩ වී ඇත. මැදගොඩ, කබුළුමුල්ල පත්තිනි දේවාල වල පූජා පැවත්වීමේදී සිද්ධ ගනේගොඩ දෙවිහාමුදුරුවනට මුල්තැන ලැබේ.
– පොත පත ඇසුරෙනි