බෙල්ජියම ආරක්ශක අංශ පවසන්නේ Google Map සමග තම රටේ ආරක්ශක හමුදා භූමීන් අපහැදිලි ( blur out images of military sites ) කර දමන්නට අසමත්වීම හේතු කොට ගෙන එම සමාගමට එරෙහිව නීතිමය පියවරකට සූදානම් වන බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ Google සමාගම චේතනාන්විතවම තම රටේ ආරක්ශක ස්ථාන නිරාවරනයට කටයුතු කර ඇති බවයි. ලොව පුරා විශාල අවධානයක් හා භාවිතවක් ලබා ගන්නා Street View feature පහසුව ඇගයීමට ලක්වෙන අතරම ගැටළු සහගත වන අවස්ථාද නැතිවාම නොවේ. ඉන්දීය රජයද වසර කිහිපයකට පෙර මෙම Street View feature පහසුව අවහිර කර දමන්නට කටයුතු කරන ලද්දේද තම අභ්‍යන්තර ආරක්ෂාවට එය අභියෝගයක් ලෙසට සලකමිනි. – Pubudu Siriwansa
