සේවා සපයන්නන් විසින් තම භාවිතාකරන්නන්ගේ තොරතුරු වල සුරක්ෂිත භාවය සු‍රැකීම බහුල බලපොරොත්තුවකි. පසුගිය කාලයේ ලොව පුරා නෙක රාජයයන් පවා රහසිත් තම සේවා ලබන්නන්ගේ තොරතුරු ‍රැස් කිරීමට එරෙහිව නෙක ආකාරයේ විරෝධතා පැන නැගිනි. පලවන නවතම පුවතක් පවසන්නේ US Senate වෙතින්  Internet providers ලා වෙතට තම සේවාව ලබන්නන්ගේ browsing history, geolocation, health information, හා financial information වැනි තොරතුරු ඔවුන්ගේ අවසරයකින් තොරව ලබා දීමේ හැකියාව ලැබෙන යෝජනාවක් සම්මතව ඇති බවයි. 48/50 ක එකගතාවයෙන්  සම්මත වූ මෙම නව සම්මතය  House of Representatives වෙතින් ස්ථිරවීම සදහා මේ වන විට ඉදිරිපත් වීමට නියමිත බවටයි දැක් වෙන්නේ. සේවා සපයන්නන් හට තම සේවාව ලබන්නන්ගේ තොරතුරු දත්ත අලවිකිරීමේ හැකියාවේ සිට නෙක ආකාර ගත් අපහසුතාවයන් ගෙනෙන්නට මෙම නව සම්මතය හේතුවන්නන්ට ඉඩ ඇති බවටයි හදාරන්නන් පෙන්ව දෙන්නේ.