පලමු රාජසිංහ රජතුමාට විරුද්ධව භික්ෂූන්වහන්සේලා කල කුමන්ත්‍රනය නිසා පොදුවේ බුදු සසුන සමය කෙරෙහි කලකිරුනු රජු, ශිව සමය වැලඳ ගත් බවත් අරිට්ට කී වෙන්ඩු ආඬිගුරාගේ උපදෙස් පරිදි ශිව දෙවියන් උදෙසා මෙම කෝවිල තනා උපහාර දැක්වීමෙන් පීතෲ ඝාතක පාප කර්මයෙන් නිදහස් වීමට හැකියැයි විස්වාස කල නිසා භෛරණ්ඩි කෝවිළ තැනූ බව පොදු පිලි ගැනීමයි. පියා මැරූ පාපයෙන් නිදහස් විය නොහැකියැයි වදාල භික්ෂූන් එකසිය විසි නමක් දියේ ගිලවා මරූ “කළා මැදිරියන්වල” පිහිටියේද මේකෝවිළ පසකින්ය. පියා මැරූ පාපයෙන් මිදෙනු බැරි බව ඒ රජුට භික්ෂූන් දැන්වූ විට හේ බුදු සමය අත හැර ශිව සමය වැලඳ ගත්තේය. එපමනකින් නොනැවතුන ඒ රජ භික්ෂූන් මරවා වෙහෙර විහාර නැතිකර දමා බෞද්ධ පොත් පත් පුලුස්සා දැමීය. මේ අවාසනාවන්ත කාලයේදී සීතාවක් සිටි බොහෝ භික්ෂූහු සිවෘ හැරදමා ගිහි වූහ. යන මාහා වංශයේ සදහන් මේ ප්‍රවෘතියේ සත්‍යයයක් ඇති අතර ශිව සමය වැලඳ ගැනීමට තවත් හේතු තිබූ බව පෙනේ. සීතාවක රාජ්‍යයේ ආරම්භයේ පටන් ශිව භක්තිකයන්ගේ කිට්‍ටු සම්බන්දයක් තිබින. සීතාවක් නුවර ආරම්භකයා ආර්ය නම් අයෙකි. කෝට්ටේ ආක්‍රමනයෙන් පසු බටුගෙදරට ගිය මයදුන්නේ කෝලිකට්‍ටුවෙන් වඩක්කරුන් ගෙන්වා ගත් බවත්, දෙවන වර ආක්‍රමනයෙන් දැරනියගලට පසු බැස වඩක්කර සේනාවේ පිරිසක් කෝට්ටේ රාජයයට භාරදී සාමදාන වූ බවත් රාජාවලියේ දැක්වේ. එක්වන රාජසිංහ ඉපදීමටත් පෙර සිට, ශිව භක්තිකයන් සීතාවක රාජ්‍යයේ ප්‍රබල කොටසක් වූ බව පැහැදිලිය. අරිට්ටකී වෙන්ඩු පෙරුමාල් මහ ඇමති වීමට පෙර සිටම සීතාවක කෝවිළ ගොඩ නැගී තිබුනි. මේ පරිසරය තුල හැදුන වැඩුන රාජසිංහ කුමරු ශිව සමය කෙරෙහි එක්තරා ප්‍රමානයක පැහැදීමක් ලබා සිටින්නට ඇත. පෘතුගීසීන්ගේ බල පෑම නිසාකෝට්ටේ වැසියන් කිතු සමය වැළඳ ගැනිමත් ඉතා සුළු සිද්ධියක් වශයෙන් සැලකුවා සේම ශිව සමය වැලඳ ගැනීමත් පාරම්පරික චාරිත්‍ර ධර්මවලට පටහැනි දෙයක් ලෙස නොසලකන්නට ඇත.
ශිව සමය වැළඳ ගෙන -නැතහොත් ශිව සමය කෙරෙහි භක්තියක් වර්ධනය කරගෙන සිටි රාජසිංහ රජු අරිට්ටකී වෙන්ඩු පෙරුමාල්ගේ උපදෙස් පිට කෝවිළ් තනන්නට ආරම්භ කරන්නට ඇත. අද පවත්නා නටබුන් අනූව කෝවිළේ වැඩ අවසන් වූ බවක් නොපෙනේ. නමුත් වැඩ අවසන් කල භෛරව කෝවිළක් තිබූ බව සැවුල් සංදේශයේ පැහැදිලිවම දක්නා ලැබේ. නොයෙකුත් චිත්‍ර අඳින ලද නැටුම් හා පුද සිරිත් නිසි ලෙස පැවත්වූ කෝවිළක් තිබූ බව දැනට ඇති නටබුන් වලින් සිතා ගත නොහැකිය. සමහර විට මේ කියන කෝවිළද හදිස්සි අවශ්‍යතාව නිසා තාවකාලික ගොඩ නැගිල්ලක් සේ පිලියෙල කරගත් එකක් වෙන්නට ඇත.
බෛරව කෝව්ලක් තැනීමේදී ජලයෙන් වටවූ දූවක තැනිය යුතු බවට විස්වාසයක් පවතී. සීතාවක් නගරයේ එවැනි ස්ථානයක් නොවූවෙන් ආඬිගුරුගේ උපදෙස් පරිඳි කෘතීම දූවක් තැනීමට කටයුතු පටන් ගති. මේ සදහා සීතාවක් ඔයේ ජලය කලාමැදිරියන් වල අසලින් රිටිගහ ඇලට ඇලට බැසයාමට සලස් වන ලදී. “ගුරුපස් ගොඩ” නම් ස්ථානයේ පස් පුරවා වේල්ලක් බැඳ රිටි ගහ ඇලට ඇලක් කපන ලදී ආඬි ගුරුන් පස් පුරවා බැඳි වෙල්ල පිහිටි ස්ථානය “ගුරුපස්ගොඩ” වූ බව අදත් ජනප්‍රවාදයේ පවතී. මේ වේල්ල නිසා සීතාවක ඔයේ ජලයෙන් කොටසක් කැපූ ඇල දිගේ කලා මැදිරියන් වලටද, ඉතිරිය ස්වභාවික මාරය ඔස්සේ ගලා ගෝස් දුවක් සෑදිනි. අද පවා සිතාවක ඔයේ ජලය වැඩි වූ අවස්ථාවලදී ගුරුපස්ගොඩදී ගඟ උතුරා ස්වභාවික මාර්ගය ඔස්සේ ගලා යනු දැකිය හැකීය.
